slc
Home   |    News
පෙබරවාරි 15, 2023
නවසීලන්තයට යන්න කළින් ශ්‍රී ලංකාව ‘රදැල්ලේදී’ පෙර පුහුණුවක

sinhala editor

තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් එය ජාතික කණ්ඩායමට පුහුණුවීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සලසාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වූ එකඟතාවයකින් පසු මෙහි ප්‍රති සංවර්ධන කටයුතු ආරම්භ වුණු අතර ඉන් අනතුරුව මෙහි පුහුණුවීම් කටයුතු සිදුකෙරෙනු ඇත.

එම එකඟතාවයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පහුසකම් පිළිබඳ කළමනාකාරීත්වය දරනු ලබන ගොඩ්ෆි දාබරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අත්දැකීම් බහුල විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රදැල්ල ක්‍රීඩාංගණය වෙත පිටත් කර යැවූ අතර මේ වන විටත් ජාතික කණ්ඩායමට සිය පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍ය මට්ටමට ක්‍රීඩාංගණය සකස් කොට අවසන් කර තිබේ.

ඒ අනුව ක්‍රීඩාංගණයේ  ප්‍රධාන තනතීරුව තණතීරු 4 කින් සහ අලුතින් එක් කරන ලද තණතීරු පහකින් මෙන්ම අනෙකුත් පහසුකම්වලින්ද සමන්විත වේ.

ඉහතින් සඳහන් කරන ලද නවසීලන්තයට සමාන තත්වයන් රදැල්ලට ඇති බැවින් ජාතික කණ්ඩායම නවසීලන්තයට පිටත්ව යාමට පෙර සතියක පුහුණු සැසියක් පැවැත්වෙන අතර ඒ සදහා පෙබරවාරි 16 වැනි දින ශ්‍රී ලංකා ජාතික පිල රැදැල්ලට යෑමට නියමිතව තිබේ.

1856 දී ඉදිකරන ලද රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් උසින් පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා භාවිතා කළ හැකි ඉහළම උන්නතාංශයක් ඇති එකම ක්‍රීඩාංගණයද වන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව එය ජාතික මට්ටමට අවශ්‍ය තත්ත්වයට තිබේද යන්න මැන බැලීම වෙනුවෙන් පුහුණු තරගයක්ද මේ වන විටත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 17 වැනිදා රදැල්ල ක්‍රීඩාංගණයේදී සිය පළමු පුහුණු සැසියට සහභාගිවන අතර එය ලබන 22 වැනිදායින් අවසන්වීමට නියමිතය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest