slc
Home   |    News
පෙබරවාරි 24, 2023
නිශාන් මදුශ්ක ටෙස්ට් කණ්ඩායමට

sinhala editor

By Chamila Karawita

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙන අතර එයට නවක වේග පන්දු යවන්නකු වන මිලාන් රත්නායකවද ඇතුළත් කර තිබේ.

අන්තර්සමාජ දේශීය ක්‍රිකට් තරගාවලියේ ලකුනු 100 සීමාව ඉක්මවාලීමට සමත් වූ දකුණත් පිතිකරු නිශාන් මදුශ්ක නිමාවට  පත් වුණු එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී පිතිකරුවකු ලෙස කැපී පෙනිණ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුනු තරගයේදී නොදැවී ලකුණු 150 ක් රැස් කිරීමට සමත්වන මදුශ්ක පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 24්‍1 ක් සහ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් වශයෙන් ශතක 3 ක් වාර්තා කරමින් තේරීම් කමිටුවේ අවධානයට දිනා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු එම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරන ලද ලකුණු සංඛ්‍යව 514 කි.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන ලද්දේ ඉකුත් 2022 වසරේ ජූලි මසදීය. එම තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමේ රැදී සිටි පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක ආබාධවලට ගොදුරුව සිටින බැවින් ඔවුන්ව තේරීම් වලදී නොසලකා හැර තිබේ.

පාකිස්තානයට එරෙහිව පැවැති එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමට ඇතුළත්වුණු මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි සහ දුනිත් වෙල්ලාලගේට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ. කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට වැඩි වශයෙන් දායකත්වයක් ලබා දෙනු ලබන නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නන් 6 දෙනෙකුගෙන් සමන්විතය. ඒ අතරට පසුගිය කාලයේදී ආබාධයකට ගොදුරව සිටීම නිසා ටෙස්ට් කන්ඩායමෙන් ඉවත් කර තිබුණු ළහිරු කුමාරද නැවත කණ්ඩායම සමග එක්ව සිටියි. ළහිරුට අමතරව චාමික කරුණාරත්න, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නෝ වෙති. මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ටෙස්ට් තරග 2 කින් සමන්විත නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි මස 26 වැනිදා මධ්‍යම රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව යනු ඇත. දෙරට අතර පළමු ටෙස්ට් තරගාවලිය මාර්තු 09 වැනිදා සිට 13 වැනිදා දක්වා ක්‍රයිස්චර්ච්හිදීද දෙවැන්න මාර්තු 17 වැනිදා සිට 21 වැනිදා දක්වා වෙලිංටන්හිදීද පැවැත්වේ. එම ටෙස්ට් තරග 2 ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මාර්තු මස 4 සහ 5 යන දෙදින ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුනාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දූ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මදුශ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest