slc
Home   |    News
පෙබරවාරි 10, 2023
‘පාසල් තරු’ සම්බන්ධීකරණයට දොළොස් දෙනෙකුට පත්වීම්

sinhala editor

ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෙවීම අඛණ්ඩව සිදු කිරීම සදහා 2023 වසර සදහා කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දක්ෂතාවයෙන් හෙබි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා යෑමේ මෙම වැඩසටහනේදී අලුතින් පත්වීම් ලද මෙම සම්බන්ධීකාරකවරුන්, යොවුන් තේරීම් නිලධාරීන්, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්, ජාතික පුහුණුකරුවන්, පාසල් පුහුණුකරුවන් සහ මේ හා සම්බන්ධ අනෙකුත් නිලධාරීන් සමඟ කටයුතු කිරීමට නියමිතව තිබේ.

සියලුම වයස් කාණ්ඩවල බාලක සහ බාළිකා ක්‍රීඩිකාවන් හඳුනාගනිමින් ඔවුන් අනාගතයේදී දක්ෂතම ක්‍රීඩකයින් බවට පත් කිරීමේ මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හරහා යොමු කරනු ඇත. රටේ සෑම පළාත් කළාපයකටම අනුගත වන සේ මෙම සම්බන්ධීකාරකවරුන් 12 දෙනා අනුයුක්ත කර ඇත.

මොවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා ඉදිරියේදී ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමල් ඉන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ කලමනාකරු සුරේෂ් බුලන්කුලමේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පත් කරන ලද නිලධාරීන් මෙසේය.

  1. මලික් කීර්ත් ප්‍රනාන්දු (බස්නාහිර උතුරු පිටත)
  2. ජාලිය ජයන්ත (බස්නාහිර උතුර)
  3. කමල් සුජීව (බස්නාහිර දකුණ පිටත)
  4. කනිෂ්ක පෙරේරා (බස්නාහිර දකුණ)
  5. ඩී.එම්. ජයරත්න (බස්නාහිර මධ්‍යම)
  6. නිශාන්ත කුමාර (දකුණු පළාත)
  7. පූජිත පීලිපොත (ඌව පළාත)
  8. ඉන්දික හෙට්ටිආරච්චි (නැගෙන හිට පළාත)
  9. පුෂ්පිත ගනේෂ් කුමාර (මධ්‍යම පළාත)
  10. කීර්ති ගුණරත්න (උතුර මැද)
  11. ගෝපික්‍රිෂ්නන් ගෝපික්‍රිෂ්නා (උතුරු පළාත)
  12. ඒ.පී. අතපත්තු (වයඹ පළාත)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest