slc
Home   |    News
පෙබරවාරි 3, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණයට ‘වැස්ස’ හරස් වෙයි

sinhala editor

Chamila Karawita reporting from Galle

තරගය නිමාවීමට පන්දුවාර 27 ක් ඉතිරිව තිබියදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා පාත්වීම නිසා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් එංගලන්ත ලයන්ස් කණ්ඩායමත් අතර පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අද (03 දා) පස්වරුවේ නිමාවට පත්විය. තරගය නවතා දමන විටත් පන්දුවාර 68 කදී ලකුනු 333 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 221 ක් ඇතුළතදී දවා ගනිමින් ප්‍රභල තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ‘ඒ පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

තරගය නවතා දමන විටත් තවත් පන්දුවාර 27 ක් ඇතුළත කඩුලු 3 ක් ආරක්ෂා කර ගැනීමේ අභියෝගය ලයන්ස් පිතිකරුවන්මත විය. ලකුණු 331 කින් පළමු ඉනිමේදී පසුපසට ගොස් තිබුණත් නිශාන් මදුශ්කගේ ලකුණු 241 ක සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ලයන්ස් කණ්ඩායමට පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට තිබූ තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙත හැරවිණ. මෙහිදී ලයන්ස් දෙවැනි ඉනිමේ රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු රකින්නන් අතින් ගිලිහී නොයන්නට තරගයේ වාසිය මීට වඩා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සතුවන්නට තිබිණ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විටත් ලකුණු 39 ක් ලබාගෙන සිටි ජෙමී ස්මිත් ලකුණු 9 ක් ලබා සිටියදී උඩ පන්දු 2 ක්ද ලකුණු 24 ක් ලබා සිටියදී තවත් උඩ පන්දුවක් ලබා දුන්නේය. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ එම උඩ පන්දු 3 ම ලබාදීම විශේෂත්වයක් වූ අතර පළමු උඩ පන්දු 2 පිට පිට පන්දු 2 කදී ලබා දුන්නේය. එහිදී පොයින්ට් කළාපයේ පන්දු රැකි නායක නිපුන් ධනංජය ට, ගලී ස්ථානයේ පන්දු රකිම්න් සිටි නිශාන් මදුශ්ක අතින්ද එම උඩ පන්දු දෙක ගිලිහී යද්දී ලකුණු 24 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව මිඩ් ඔෆ් කලාපයේ පන්දු රැකි නුවනිඳු ප්‍රනාන්දු අතින් ගිලිහී ගියේය. මෙහි වාසිය එංගලන්ත පිල වෙත නොයන්නට, තරගය වර්ෂාවට පෙරම ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හෙෲඳින්ම අවකාශ තිබිණ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 6 කුත් ලයන්ස් පිලට ලකුණු 141 කුත් වශයෙන් තේ පානය වන විට දෙපිළටම ජයග්‍රහණය විවෘතව තිබිණ. තේ පානයෙන් පසු පන්දුවට අතට ගත් ලක්ෂිත මානසිංහ ලකුණු 3 ක් ඇතුළත එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජොෂ් බොහනන් සහ ජැක් හේන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවා ගනු ලැබුවේ තරගයේ උපරිම වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දෙමිනි.

ලයන්ස් ඉනිමේ විශේෂත්වය වූයේ කඩුලු දැවී ගියද ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණ රටාව පසුපෙළ පිතිකරුවන්ද රඳවා ගැනීමට උනන්දුවීමය. මෙහිදී ඉදිරියට පැමිණි ලියාම් පැටර්සන් සහ ජෙමී ස්මිත් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගය යළිත් ලයන්ස් පිල වෙත රැගෙන ඒමට ගත් උත්සාහයේදී නායක නිපුන් ධනංජයගේ සුපිරි පන්දු රැකීම ඊට හරස් විය.

එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජයට අඩි ගාණක් ඈතින් ඇදී ගිය පන්දුවට පැන නතර කළේ පිතිකරුවාද අන්දමන්ද කරමිනි. රැක ගත් පන්දුව එසැනින්ම කඩුලු රකින්නා වෙත නිපුන් ලබා දෙද්දී පැටර්සන් අඩි එකහමාරක් පමණ සීමා ඉරෙන් පිටත රැදී සිටියේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු මිලාන් රත්නායක පන්දුවාර 8 ක් යවමින් ලකුණු 31 ක් පමණක් ලබා දී දැවී ගිය කඩුලු 7 න් 3 ක්ම දවා ගෙන ගත්තේ ලයන්ස් නායක හසීබ් හමීඩ් දවා ගැනීම වෙනුවෙන් පෙරළා රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවද සමගිනි.ඊට අමතරව ලක්ෂිත මානසිංහ ලකුණු 55 කට කඩුලු 2 ක් දවාගත්තේය.

සිව්වැනි දිනය ආරම්භයේදීත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තවත් ලකුණු 80 ක් පළමු ඉනිම සදහා පෙරවරුවේදී එක්කාසු කරගත්තේය. ඒ අතරතුරදී නායක නිපුන් ධනංජය ද සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 170 ක් ඒ සදහා වැය කළ නිපුන් ලබා ගත් ලකුණු 128 සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය. දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් නිපුන් මුලු ලකුණු සංඛ්‍යාව 654 ක්ව තිබියදී පිටියෙන් ඉවතට ගියේය.

දැවී යෑමට මත්තෙන් නිශාන් මදුශ්ක සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාර කැපුණේද පළමු පිතිකරුවන් 5 දෙනා අතර ගොඩ නැංවුණු සාර්ථක සම්බන්ධතාය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට පෙර මදුශ්ක සමඟින් එක් වුණු ඔ්ෂද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් මානසිංහ ලකුණු 119 ක්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ලකුණු 113 ක් වශයෙන් සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවූහ.

පැය 11 කට ආසන්න කාලයක් (මිනිත්තු 655) පුරා කඩුල්ලේ රැදී සිටි නිශාන් මුහුණ දුන් 423 වැනි පන්දුවේදී දැවී ගියේය. ජැක් කාසන්ගේ පන්දුවකට මැතිව් ෆිෂර් අතට උඩ පන්දුවක් ලබා දී නිශාන් පිටියෙන් ඉවත් වන විට අද උදෑසන එල්ල කරන ලද මනරම් ඉන්සයිඩ් අවුට් පහරින් රැස් කරගත් හයේ පහරද සමග හයේ පහර 4 කින් සහ හතරේ පහර 24 කින් සමන්විත කර ගත්තේය.

ධනංජයගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස කඩුලු එක පිට එක දැවී ගියේ 654 කට කඩුලු 3 ක්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 9 ක් හෙවත් මුලු ලකුනු සංඛ්‍යාව 663 ක් වන විට කඩුලු 9 ක් බවට පත් කරමිනි. 9 වැනි කඩුල්ල ලෙසින් අම්ෂි ද සිල්වා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම කඩුලු 9 කට ලකුණු 663 ක්ව තිබියදී අත්හිටුවීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 136 යි

එංගලන්ත ලයන්ස් ළමු ඉනිම 467 යි

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest