slc
Home   |    News
පෙබරවාරි 3, 2023
ශ්‍රී ලංකා ‘ඒ ප්‍රබල තැනක – ලයන්ස් පිලට ලකුණු 333 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ලකුණු 331 ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පිටුපසින් සිටි සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 663 ක් ලබා එංගලන්ත ලයන්ස් පිල හමුවේ ලකුණු 333 ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට අද (03 දා) පෙරවරුවේදී සමත්විය. සිව්වැනි සහ අවසන් දිනයේ දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට එම ඉලක්කය හඹා යමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට මෙම ඉලක්කය හඹා යෑම සදහා පන්දුවාර 68 ක් දිනයේ ඉතිරිව තිබෙන නමුත් එම ඉලක්කය හඹා යෑමට ඔවුන් මුහුණ පා සිටින දැවැන්තම ගැටලුව බවට පත්ව ඇත්තේ ඔවුන් සතු ප්‍රහාරාත්මකම පිතිකරුවා වන ඇලෙක්ස් ලීස් මේ වන විටත් තරග නරඹන්නකු බවට පත්ව සිටීමය. වේගයෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවකු වන ලීස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර තිබේ. ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පුහුණු තරගයේදී පන්දු 97 න් ලුණු 103 ක් ලබා ගැනීමට සමත්වූවේය.

සිව්වැනි දිනය ආරම්භයේදීත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තවත් ලකුණු 80 ක් පළමු ඉනිම සදහා පෙරවරුවේදී එක්කාසු කරගත්තේය. ඒ අතරතුරදී නායක නිපුන් ධනංජය ද සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 170 ක් ඒ සදහා වැය කළ නිපුන් ලබා ගත් ලකුණු 128 සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය. දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් නිපුන් මුලු ලකුණු සංඛ්‍යාව 654 ක්ව තිබියදී පිටියෙන් ඉවතට ගියේය.

දැවී යෑමට මත්තෙන් නිශාන් මදුශ්ක සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිලට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාර කැපුණේද පළමු පිතිකරුවන් 5 දෙනා අතර ගොඩ නැංවුණු සාර්ථක සම්බන්ධතාය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට පෙර මදුශ්ක සමඟින් එක් වුණු ඔ්ෂද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් මානසිංහ ලකුණු 119 ක්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ලකුණු 113 ක් වශයෙන් සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවූහ.

පැය 11 කට ආසන්න කාලයක් (මිනිත්තු 655) පුරා කඩුල්ලේ රැදී සිටි නිශාන් මුහුණ දුන් 423 වැනි පන්දුවේදී දැවී ගියේය. ජැක් කාසන්ගේ පන්දුවකට මැතිව් ෆිෂර් අතට උඩ පන්දුවක් ලබා දී නිශාන් පිටියෙන් ඉවත් වන විට අද උදෑසන එල්ල කරන ලද මනරම් ඉන්සයිඩ් අවුට් පහරින් රැස් කරගත් හයේ පහරද සමග හයේ පහර 4 කින් සහ හතරේ පහර 24 කින් සමන්විත කර ගත්තේය. ධනංජයගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස කඩුලු එක පිට එක දැවී ගියේ 654 කට කඩුලු 3 ක්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 9 ක් හෙවත් මුලු ලකුනු සංඛ්‍යාව 663 ක් වන විට කඩුලු 9 ක් බවට පත් කරමිනි. 9 වැනි කඩුල්ල ලෙසින් අම්ෂි ද සිල්වා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම කඩුලු 9 කට ලකුණු 663 ක්ව තිබියදී අත්හිටුවීමට පියවර ගත්තේය.

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest