slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල ශුද්ද ලාභයට වඩා තුන් ගුණයක වැඩි වීමක් ලෙසින් සටහන් වේ.

ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සාමාජික ගෙවීම් ගාස්තු යන ආදායම් වලින් ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය මෙම ශුද්ධ ලාභය උපයාගැනීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට්

අදාළ වර්ෂය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙරටදී මෙන්ම විදෙස් රටවලදී සහභාගිවන ජාත්‍යන්තර තරගාවලි, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ, සහ කනිෂ්ට කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම් වල සංචාර වියදම් සඳහා රුපියල් බිලියන 4.2 ක මුදලක් ආයෝජනය කළේය.

දේශීය ක්‍රිකට්

නිමාවට  පත් වුණු 2022 වසරේදී දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම ඇතුළු දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යෑමට, දේශීය ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ මුදල් ගෙවීම් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලෙකන පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා සදහා රුපියල් බිලියන 2.27 ක මුදලක් යොදවන ලදී.

සංවර්ධනය

දිස්ත්‍රික් සහ පළාත් සංගම් යටතේ කලමනාකරණය ‌කරනු ලබන ක්‍රීඩාංගණවල පරිපාලන සහ නඩත්තු කටයුතු සහ දිස්ත්‍රික්තු සහ පළාත් සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල පරිපාලන කටයුතු සඳහා රුපියල් මිලියන 599 ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී පියවර ගත්තේය.

සමාජ සත්කාරක ප්‍රධාන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාජයේ වගකීම පිළිබඳව අවධානය යොමු කරමින් සමාජ සත්කාරක කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දීමට ගෙවී ගිය වසරේදී පියවර ගෙන තිබේ. එහිදී මහරගම අපේකෂා රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබා දෙන ලද ප්‍රධානයද ඇතුළත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 900 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. ඊට අමතරව රුපියල් මිලියන 278 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දෙද්දී මහනුවර ගංගාරාම රජමහා විහාරයේ  ප්‍රතික්සංස්කරණ කටයුතු සිදුකිරීම සදහා රුපියල් මිලියන 25 ක මුදලක්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්බා ආයතනය විසින් ලබා දී තිබේ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee