slc
Home   |    News
පෙබරවාරි 19, 2023
ළහිරු මදුශංකගෙන් ලකුණු 194 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්වැනි සති අන්තය බවට පත්වුණු මෙවර සති අන්තයේ පැවැති තරග අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් සහ ජැෆ්නා අතර තරගය ජය පැරදුමෙන් තොරව (19 දා) නිමාවට පත්විය.

පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් පැවැති මෙම තරගයේදී සිව්වැනි දිනය වූ අද දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 456 ක ඉලක්කයක් හඹා යමින් සිටි ගෝල් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 50 ක් ලබා සිටියදී වර්ෂාව තරගයට හරස්වීම නිසා තරගය නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

මෙවර තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම බවට පත්ව සිටින රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 18 ක් සහ පසිදු සූරියබණ්ඩාර ලකුණු 19 ක් වශයෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනය ආරම්භ වන වට ලකුණු 178 ක් ලබා සිටි ළහිරු මදුශංකට ද්විත්ව ශතකය ලබා ගැනීම සදහා ජැෆ්නා කළමනාකාරීත්වය ඉඩ පහස විවර කර දුන්නද ඔහු අද දිනයේදී ලකුණු 194 ක් ලබා සිටියදී දැවී ගීයේය. පන්දු 228 කට මුහුණ දී තිබූ ළහිරු ඒ සඳහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 21 ක් එල්ල කර තිබිණි. මොහොමඩ් ශිරාස් විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මදුශංක දැවී යෑමත් සමඟ ජැෆ්නා දෙවැනි ඉනිම කඩුලු 9 කට කඩුලු 548 ක් ලෙස අත්හිටුවා නැවත පන්දුවට පහර දීමේ වාරය ගොල් කණ්ඩායමට ලබා දුන්නේය. ළහිරුට අනගි සහායක් ලබා දුන් ජෙෆරි වැන්ඩර්සි පන්දු 95 කදී නොදැවී ලකුණු 50 ක් ලබා සිටියේය.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 130යි (ඕවර් 38) – නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංක 11, බිනුර ප්‍රනාන්දු 37 (මොහොමඩ් සිරාෂ් 60/5, අකිල ධනංජය 24/2, කෞමාල් නානායක්කාර 13/2)

ගෝල් – පළමු ඉනිමට ලකුණු 258යි (ඕවර් 78) – ෂොහාන් ඩී ලිවේරා 143,  ලක්ෂාන් එදිරිසිංහ 16, පසිදු සුරියාරච්චි 16, පැතුම් කුමාර 48, ( බිනුර ප්‍රනාන්දු 52/2, ළහිරු මධුසංක  42/2, ෂශික දුල්ෂාන් 37/4, ඒෂාන් මාලිංග 27/1, නවෝද් පරණවිතාන 8/1)

ජැෆ්නා – දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 555යි (ඕවර් 135) – රොන් චන්ද්‍රගුප්ත 86, දේශාන් ඩයස් 12, ජනිත් ලියනගේ 40, අවිශ්ක තරිදු 62, ළහිරු මධුසංඛ 194, රවිදු ප්‍රනාන්දු 73, බිනුර ප්‍රනාන්දු 34, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 50 ( මොහොමඩ් ශිරාස් 100/2,අකිල ධනංජය 139/3, අසංක මනෝජ් 100/2, ධනංජය ලක්ෂාන් 62/1)

ගෝල් – දෙවැනි ඉනිම කඩුලු 3ට ලකුණු 50 යි – (ලක්ෂාන් එදිරිසිංහ 18*, පසිදු සූරියබණ්ඩාර 19*)

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest