slc
Home   |    News
පෙබරවාරි 17, 2023
ළහිරු සමරකොන්ගේන් තර්ජනාත්මක පන්දු යැවීමක්

sinhala editor

දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් ඕවර් 2ක් තුල කළම්බු පිලේ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීමෙන් ඇතිවූ පීඩනය මත කළම්බු පිල අද ( 17) දෙවැනි දිනට තරගය නතර කරද්දී පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියි. ඉනිම පුරා ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ළහිරු සමරකෝන් ලකුණු 54කට කඩුලු 4ක් බිදහෙලීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල හා කළම්බු අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී දඔුල්ල පළමු ඉනිමට ලකුණු 341ක් ලබාගත් හෙයින් පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව කළම්බු පිල කඩුලු 4ක් අතැතිව ලකුණු 133ක් පසුපසින් සිටියි.

කළම්බු ආරම්භක පිතිකරුවන් වූ ක්‍රිෂාන් සංජුල හා නවිඳු නිර්මාල් මුල් කඩුල්ලට ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී ඉනිමේ 21 වැනි ඕවරයේදී ක්‍රිෂාන් ලකුණු 57කට දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත් විය. අනතුරුව ළහිරු ක්‍රියාත්මක කළ ඉනිමේ 23වැනි ඕවරයේ පළමු පන්දුවේදී අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත් කළ අතර, එම ඕවරයේ සිව්වැනි පන්දුවේදී දේශාන් විමුක්ති ලකුණු ලබා ගැනීමට පෙර දව ගත්තේය.

දිනය නිමා වෙද්දී කළම්බු පිලේ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 47ක් හා ප්‍රමෝද් මධුවන්ත නොදැවී ලකුණු 24ක් ලබා සිටිති.

දඹුල්ල පිල ඊයේ පළමු දිනයට තරගය නතර කරද්දී කඩුලු 6ක් දැවී ලකුණු 297ක් ලබා සිටි අතර, අද දිනයේ තවත් ලකුණු 44ක් පමණක් එක්කර ගත්තේය. පළමු දිනය නිමාවෙද්දී නොදැවී ලකුණු 100ක් ලබා සංයමයෙන් යුතු සටනක් දියත් කළ අශාන් ප්‍රියංජන අද දිනයේදී පන්දු 192කට මුහුණදී හතරේ පහර 11ක් සමග ලකුණු 114ක් ලබා ගත්තේය. අශාන් ප්‍රියංජනට අනගි සහයක් ලබාදෙමින් සිටි චමිඳු විජේසිංහ ලකුණු 27ක් ලබා ගත්තේය. නායක මිනෝද් භානුක පන්දු 123කදී හතරේ පහර 11ක් සමග ලකුණු 73ක් තම පිලට එක් කළේය.

කාසියේ වාසිය කළම්බු පිලට හිමිවූ අතර ඔවුන්ගේ ආරාධනාවෙන් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. දඹුල්ල පිලේ පළමු කඩුලු තුනම වේග පන්දු යවන හිමේෂ් රාමනායක දවාගත් අතර, නිමේෂ් ගුණසිංහ ලකුණු 19කට ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 26කට හා දිලාන් ජයලත් ලකුණු බින්දුවේදී දවා ගැනීමට සමත් විය. එම කඩුලු තුන දැවීයද්දී දඹුලු පිලේ ලකුණු පුවරුව ලකුණු 48ක්ව තිබිණි.

අනතුරුව සනෝජ් දර්ශික හා මිනෝද් භානුක එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, සනෝජ් දර්ශික ලකුණු 43කට දැවී ගියේය.

කළම්බු පිලේ පන්දු යවන්නන් අතුරින් වඩාත් සංර්ථක පන්දු යවන්නා බවට පත්වූ හිමේෂ් රාමනායක ලකුණු 76කට කඩුලු 4ක් දවාගත් අතර, නුවන් ප්‍රදීප්, දේශාන් විමුක්ති කඩුලු 2 බැගින් බිදහෙලූහ.

දඹුල්ල – පළමු ඉනිමට ලකුණු 341යි (ඕවර් 105) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 114, චමිඳු විජේසිංහ 27, රනිත් ලියනාරච්චි නොදැවී 23 ( හිමේෂ් රාමනායක 76/4, නුවන් ප්‍රදීප් 67/2, දුෂාන් විමුක්ති 72/2, තරිදු රත්නායක 60/1)

කළම්බු පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208යි (ඕවර් 70) – ක්‍රිෂාන් සංජුල 57, නවින්දු නිර්මාල් 46, රොෂේන් සිල්වා නොදැවී 47, ලක්ෂිත නසිංහ 20, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 24 ( ළහිරු සමරකෝන් 54/4, දෙවිදු තිලකරත්න 21/1, අශාන් ප්‍රියංජන 23/1)

 

 

 

 

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest