slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2023
අවිශ්ක ප්‍රනාන්දුගෙන් දැවැන්ත ඉනිමක්

sinhala editor

මුල් පෙලේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 23කට දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් තම යුතුකම ඉටුකළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශය හේතුවෙන් කළම්බු පිල පළමු දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු – ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු පිල මුලින් පන්දුවට පහරදුන් අතර, අවිශ්ක ප්‍රනාන්දු පන්දු 205කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 21ක් එල්ලකොට ලකුණු 150ක් රැස් කළේය. එය මෙම තරගාවලියේ මෙවර පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ දෙවැනි වැඩිම ලකුණු ගණන වේ. මෙයට පෙර කැන්ඩි පිලේ ඔෂධ ප්‍රනාන්දු කළම්බු පිලට එරෙහිව එස්. එස්. සී පිටියේදී ලකුණු 201ක් ලබා ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය මෙවර තරගාවලියේදී සටහන් කොට ඇත.

අවිශ් ප්‍රනාන්දු හා දුෂාන් විමුක්ති අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනැගී කළම්බු ඉනිම ඉහළ ගොස් තිබියදී දුෂාන් විමුක්ති ලකුණු 40කට දැවී ගියේය. අනතුරුව 6 වැනි කඩුල්ලට අවිශ්ක හා නිසල තාරක අතර ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, අවිශ්ක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට පන්දු යැවූ සංගීත් කුරේ සමත් විය. දිනය නිමා වෙද්දී නිසල තාරක පන්දු 11කට මුහුණදී හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 55ක් ලබා සිටියේය.

ගෝල් ආරම්භක පන්දු යවන්නා වූ කවිශ්ක අන්ජුල කඩුලු 2ක් දවා ගනිද්දී, මොහොමඩ් ෂිරාස්, අසංක මනෝජ්, රමේෂ් මෙන්ඩිස් හා සංගීත් කුරේ කඩුල්ල බැගින් බිදහෙලූහ. අද (10) තරගයේ දෙවැනි දිනයයි.

කළම්බු – පළමු ඉනිමට කඩුලු 6කට ලකුණු 287යි (ඕවර් 90)  අවිශ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක නොදැවී 55, ප්‍රභාත් ජයසූරිය නොදැවී 13 ( කවිශ්ක අන්ජුල 56/2, මොහොමඩ් ෂිරාස් 56/1, අසංක මනෝජ් 45/1, රමේෂ් මෙන්ඩිස් 51/1, සංගීත් කුරේ 9/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee