slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2023
කලම්බු හඬවා දඹුල්ල අවසන් සිව්දෙනාගේ සටනට

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පස්වැනි සහ අවසන් සති අන්තය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ කලම්බු අතර තරග තීරණාත්මක තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමෙින් ජය පැරදුමෙන් තොරව අද (19 දා) නිමාවට පත්විය. කෙසේ වෙතත් පළමු ඉනිමේ ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මෙම තරගයේ ජයග්‍රහණය මත තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යන්නේ කවුරුන්ද යන්න තීරණය වීමට නියමිතව තිබූ අතර එහිදී පළමු ජයක් වාර්තා කළ දඹුල්ල කන්ඩායම අවසන් කන්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල්, දෙවැනි ස්ථානයේ පසුවන දඹුල්ල, තෙවැනි ස්ථානයේ පසුවන ජැෆ්නා සහ සිව්වැනි ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබද්දී කලම්බු කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත.

මිනෝද් භානුක නොදැවී ලකුණු 186 ක් වාර්තා කිරීමට සමත්වීම නිසා දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 401 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවස්තාව උදාවිය. දඹුල්ල දෙවැනි ඉනිම හමාර වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි මිනෝද් භානුක පන්දු 216 කට මුහුණ දී සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 19 කින් වර්ණවත් කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී දුශාන් විමුක්ති ලකුණු 121 කට කඩුලු 5 ක් බිඳ හෙළද්දී තරිදු රත්නායක ලකුණු 111 කට කඩුලු තුනක් දවාලූවේය.

ඒ අනුව ලකුණු 485 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු කණ්ඩායමට තරගය අවසන් වන විට කඩුලු 3 ක් දැවී රැස් කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 110 ක් පමනි. තරගය නිමා කරන විට ප්‍රමෝද් මදුවන්ත පන්දු 81 කදී ලකුණු 53 ක් සහ රොෂේන් සිල්වා එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දඹුල්ල – පළමු ඉනිමට ලකුණු 341යි (ඕවර් 105) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 114, චමිඳු විජේසිංහ 27, රනිත් ලියනාරච්චි නොදැවී 23 ( හිමේෂ් රාමනායක 76/4, නුවන් ප්‍රදීප් 67/2, දුෂාන් විමුක්ති 72/2, තරිදු රත්නායක 60/1)

කළම්බු පළමු ඉනිමට ලකුණු  257යි (ඕවර් 85.2)- ක්‍රිෂාන් සංජුල 57, නවින්දු නිර්මාල් 46, රොෂේන් සිල්වා නොදැවී 65, ලක්ෂිත මනසිංහ 20, ප්‍රමෝද් මධුවන්ත 24, තරිදු රත්නායක 23 ( ළහිරු සමරකෝන් 63/6, වනිදු හසරංග 70/2, දෙවිදු තිලකරත්න 37/1, අශාන් ප්‍රියංජන 23/1)

දඹුල්ල – දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 401 යි (ඕවර් 101.5) – නිමේෂ් ගුණසිංහ 17, සනෝජ් දර්ශික 29, මිනෝද් භානුක නොදැවී 186, අශාන් ප්‍රියංජන 32, වනිදු හසරංග 40, චමිඳු විජේසිංහ 38, දුවිඳු තිලකරත්න 27, දුෂාන් විමුක්ති 121/5, තරිදු රත්නායක 22.5/3)

කලම්බු – දෙවැනි ඉනිම කඩුලු 3 ට ලකුණු 50 යි (ඕවර් 32) – (ප්‍රමෝද් මදුව්ත 53*, නවිදු නිර්මාල් 30, කුසල් ජනිත් 24)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee