slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2023
ගෝල් ලකුණු 576 ක් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියි.

නායක සංගීත් කුරේ පන්දු 98 කදී ලකුනු 56 ක් සහ ලක්ෂාන් එදිරිසිංහ පන්දු 101 කදී ලකුණු 67 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.  පළමු ඉනිමේ ශතකයක් ලද සොහාන් ඩි ලිවේරි ලකුණු 15 ට දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවද දෙවැනි කඩුල්ලට එක් වුණු ලක්ෂාන් සහ සංගීත් ලකුණු 117 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුල්ලේ රැදී සිටිති.

ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුනු 658 ක ඉනිම වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 227 ක් පමණි.

ලකුණු 431 ක් පළමු ඉනිමේ ඉදිරියෙන් පසුවන ගෝල් කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් කැන්ඩි කන්ඩායමට පන්දුවට පහර දෙමින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා කැන්ඩි කණ්ඩායමට අභියෝග කිරීමේ හැකියාවක් පැවැතියත් සිව්වැනි ඉනිමේ හඹා යෑමේ අභියෝගය අවධානමක් ලෙස සලකමින් නැවතත් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව මේ වන විට සමස්ථ තරගයේදී ගෝල් කණ්ඩායම කැන්ඩි කන්ඩායමට වඩා ලකුණු 576 ක් ඉදිරියෙන් පසුවෙති.

ගෝල් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින කෝඩුකාර අහන් වික්‍රමසිංහය. ඔහු පන්දු 123 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක්ද ඇතුළත්ව ලකුණු 84 ක් ලබා නොගන්නට කැන්ඩි කන්ඩායම මීට වඩා අසීරුතාවයකට මුහුණ දෙනු ඇත.

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 48 ක් ලබා ගනු ලැබුවේ පන්දු 66 කට මුහුණ දෙමිනි. පළමු කඩුල්ල ලෙස කසුන් විදුට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 07 ක්ව තිබියදී දැවී ගිය අතර ළහිරු උදාරද ලකුණු 37 කදී පිටියෙන් ඉවත්ව යෑම කැන්ඩි කණ්ඩායමට දැඩි පාඩුවක් විය. ලකුණු 85 ක්ව තිබියදී කඩුලු 5 ක්ම දැව යෑම නිසා කැන්ඩි පිල දැඩි අසරණභාවයකට මුහුණ දුන් නමුත්, 6 වැනි ිකඩුල්ලට එක් වුනු අහන් සහ රවීන් යසස් (36) ලකුණු 113 ක සම්බන්ධතාවත් පවත්වමින් ලකුණු 200 සීමාවේ ආසන්නයට කැන්ඩි පිල රැගෙන ගියහ.

පන්දු යැවීමේදී කවිශ්ක අංජුල ලකුනු 40 කට කඩුලු 4 ක් දවා ලමින් වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහුට අමතරව දුනිත් වෙල්ලාලෙග් කඩුලු 3 ක් සහ මොහොමඩ් ශිරාස් කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූහ.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

ගෝල් – පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 658යි (ඕවර් 160) – ෂොහාන් ඩී ලිවේරා 133‍, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59 ( අමිෂ් ද සිල්වා 77/1, ලසිත් ඇඹුල්දෙනිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2, සදුන් වීරක්කොඩි 28/1, ලසිත් කෘස්පුල්ලේ 23/1)

කැන්ඩි – පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 227 යි – අහන් වික්‍රමසිංහ 84, රවීන් යසස් 36, ලසිත් කෲස්පුල්ලේ 48, ළහිරු උදාර 12, කවිශ්ක අංජුල 40/4, මොහොමඩ් ශිරාස් 44/2, දුනිත් වෙල්ලාලගේ 52/3

ගෝල් දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 145 යි – ලක්ෂාන් එදිරිසිංහ 67*, සංගීත් කුරේ 56*, සොහාන් ඩි ලිවේරා 15

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee