slc
logo
Home   |    News
පෙබරවාරි 18, 2023
ජැෆ්නා පිලෙන් ගෝල් පිලට රතු එළියක්

sinhala editor

පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් අතැතිව ජැෆ්නා පිල ලකුණු 427ක් ඉදිරියෙන් සිටියේය. හෙට (19) මෙම තරගයේ අවසන් දිනය බැවින් එල්ලවන විශාල ඉලක්කය ගෝල් පිල කෙසේ හඹා යන්නේද පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව පවතින අතර, මෙය ගෝල් පිලට රතු එළියක සංඥා දැල්වීමක් ද වනු ඇත.

දිනයේ කැපී පෙනෙන පිතිකරු බවට පත් වූ ජැෆ්නා පිලේ නායක ළහිරු මධුසංඛ පන්දු 217කට මුහුණදී හයේ පහර 6ක් හා හතරේ පහර 19ක් සමග නොදැවී ලකුණු 178ක් ලබාගත් අතර, නොදැවී පන්දුවට පහර දෙන ජෙෆ්රි වැන්ඩසේ පන්දු 67කදී හතරේ පහර 6ක් සමග ලකුණු 37ක් ලබා සිටියි. ළහිරු හා වැන්ඩසේ අතර 9වැනි කඩුල්ලට ලකුණු 91ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගී පවතී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා ජැෆ්නා අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 258ක් ලබා ගත්තේය.

ඊයේ (17) දෙවැනි දිනට තරගය නතර කරද්දී ජැෆ්නා පිල සිය දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටි අතර අද දිනයේ තවත් ලකුණු 336ක් එක් කර ගැනීමට සමත් වූවේය. ඊයේ නොදැවී ලකුණු 62ක් ලබා සිටි අවිශ්ක තරිදු අද දින යැවූ පළමු පන්දුවේදීම දවා ගැනීමට මොහොමඩ් සිරාස් සමත් වූ අතර, ළහිරු මධුසංඛ හා රවිදු ප්‍රනාන්දු එක්ව 7වැනි කඩුල්ලට ලකුණු 165ක සම්බන්ධතාවක් ගොඩනගා ඉනිම ශක්තිමත් කළහ. රවිදු ප්‍රනාන්දු පන්දු 114කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 73ක් ලබාගත් අතර,අනතුරුව පිටියට පිවිසි බිනුර ප්‍රනාන්දු ලකුණු 34ක් එක් කළහ.

ජැෆ්නා ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත දෙවැනි ඉනිමේදී ලකුණු 86ක් ලබාගත් අතර, පන්දු 169කදී හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් විය. රොන් හා අවිශ්ක තරිදු සිවුවැනි කඩුල්ලට ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, රොන් චන්ද්‍රගුප්ත දැවී යෑමෙන් පසු ඊළග පන්දුවේදී ශෂික දුල්ෂාන් ලකුණු නොළබාම පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් වූවේය.

ජැෆ්නා පිල පසුගිය සතියේදී කැන්ඩි පිලට එරෙහි තරගය නිමාවීමට දිනක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 130යි (ඕවර් 38) – නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංක 11, බිනුර ප්‍රනාන්දු 37 (මොහොමඩ් සිරාෂ් 60/5, අකිල ධනංජය 24/2, කෞමාල් නානායක්කාර 13/2)

ගෝල් – පළමු ඉනිමට ලකුණු 258යි (ඕවර් 78) – ෂොහාන් ඩී ලිවේරා 143,  ලක්ෂාන් එදිරිසිංහ 16, පසිදු සුරියාරච්චි 16, පැතුම් කුමාර 48, ( බිනුර ප්‍රනාන්දු 52/2, ළහිරු මධුසංක  42/2, ෂශික දුල්ෂාන් 37/4, ඒෂාන් මාලිංග 27/1, නවෝද් පරණවිතාන 8/1)

ජැෆ්නා – දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 555යි (ඕවර් 135) – රොන් චන්ද්‍රගුප්ත 86, දේශාන් ඩයස් 12, ජනිත් ලියනගේ 40, අවිශ්ක තරිදු 62, ළහිරු මධුසංඛ නොදැවී 178, රවිදු ප්‍රනාන්දු 73, බිනුර ප්‍රනාන්දු 34, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 37 ( මොහොමඩ් සිරාස් 79/1,අකිල ධනංජය 139/3, අසංක මනෝජ් 100/2, ධනංජය ලක්ෂාන් 62/1)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee