slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2023
ජැෆ්නා පිල පළමු ජය ලබයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් එකම ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් කණ්ඩායම් 2 තරට එක්ව සිටි ජැෆ්නා කණ්ඩායම ප්‍රබල කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට අද (11 දා) පස්වරුවේදී සමත්විය. මෙම තරගය දින 3 කදී අහවර වීමද කැපී පෙනෙයී.

කඩුලු 6 කට ලකුණු 172 ක් තිබියදී තෙවැනි දිනය ඇරඹූ කැන්ඩි කණ්ඩායම අද දිනයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 222 කට දැවී ගියේය. පෙර දිනයේදී ලකුණු 51 ක් ලබමින් කඩුල්ලේ රැදී සිටි අහන් වික්‍රමසිංහ අද දිනයේදී ලකුණු 77 ක් ලබා සිටියදී දැවී නොයන්නට තරගය ඇතැම් විට සිව්වැනි දින දක්වා ඇදී යෑමට අවකාශ තිබිණ.

හදිසියේම පන්දු යැවීමට කැඳවූ නවෝද් පරණවිතානගේ පන්දුවක් හමු‌වේ අහන් වික්‍රමසිංහ දැවී යන විට පන්දු 101 කට මුහුණ දී සිටියේය. එම කඩුල්ලද සමඟින් පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කළ නවෝද් තවත් කඩුලු 3 ක් ද සමඟග සිය පන්දු යැවීම පන්දුවාර 3.3 කදී ලකුණු 16 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් කර ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඒ සඳහා පන්දුවාර 65.1 ක් පන්දුවට පහර දුන්නේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. ඒ වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ධනංජය ද සිල්වා ලකුණු 82 ක් දවා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම රැදී සිටියේය. පන්දු 100 කට මුහුණ දුන් දකුණත් පළපුරුදු පිතිකරුවා අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිස තම ඉනිමට හතරේ පහර 10 ක් එල්ල කළේය. ඔහුට අමතරව නවෝද් පරණ විතාන ලකුණු 27 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 41 කින් දායකත්වය දැක්වූහ.

7 වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වාට එකතු වුණු ළහිරු මදුශංක 7 වැනි ‌කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳුණු සම්බන්ධතාව ලකුණනු 94 ක් විය. එහිදී ළහිරුගේ දායකත්වය ලකුණු 28 කිනි.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 265යි (ඕවර් 66.1)  – කසුන් විදුර 13, ඹෂධ ප්‍රනාන්දු 33, සදුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් කුමාර 22, අම්ෂි ද සිල්වා 17, අශේන් ඩැනියෙල් 11 ( ෂශික දිල්ෂාන් 70/ 4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිදු ප්‍රනාන්දු 55/2, ළහිරු මධුසංඛ 42/1)

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 245යි (ඕවර් 65.1) – නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, ෂසික දුල්ෂාන් 15, ධනංජය ද සිල්වා 12, රවිදු ප්‍රනාන්දු 12 (ළහිරු කුමාර 52/3, අම්ෂි ද සිල්වා 60/2, වනුජ සහන් 50/3, නිම්සර අතරගල්ල 39/1)

කැන්ඩි – දෙවැනි ඉනිමට ලකුණු 222යි (ඕවර් 61’5)   – කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඔෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ 77, වනුජ සහන් කුමාර 12, අෂෙයින් ඩැනියෙල් 12, ශෂික දල්ෂන් 74/4, බිනුර ප්‍රනාන්දු 20/2, නවෝද් පරණවිතාන 16/3)

ජැෆ්නා දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 243 යි – (ධනංජය ද සිල්වා 82, රොන් චන්ද්‍රගුප්ත 20, නවෝද් පරණවිතාන 37, සදීර සමරවික්‍රම 41, ජනිත් ලියනගේ 20, ළහිරු මදුශංක 28, වනුජ සහන් 95/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar