slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2023
දෙවැනි පුහුණු තරගයේ ජය කොදෙව් කාන්තාවන්ට

sinhala editor

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ දෙවැනි පුහුණු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තියුණු තරගයකින් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුලු 4 ක  පරාජයක් ලැබීය.

මෙම තරගයෙන් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුව දක්වාම තරග වැදීමට සිදුවිණ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැස්කළ ලකුණු 107 හඹායද්දී ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලකුණු 45 දී දැවී ගියේ දස වන පන්දුවාරයේදීය.  18 වන ඕවරය අවසන් වන විට ඔවුන් ලකුණු 94ක ට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී චිනෙලි හෙන්රි කඩිනම් ලකුණු 14ක් ලබමින් තම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආවාය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුර ඕවර 20 අවසානයේ සියලු පිතිකාරිනියන් දැවී රැස් කළ ලකුණු 107 ට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4ක දී කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී සාර්ථකම සබඳතාව වාර්තා වූයේ නිලක්ෂි ද සිල්වා (29) සහ කවීෂා දිල්හාරි (16) අතර පස්වන කඩුල්ලට පන්දු 25ක දී එක්කළ ලකුණු 32 ය.  මීට අමතරව හර්ෂිතා සමරවික්‍රම (16) සහ විශ්මි ගුනරත්න (13) දෙවන කඩුල්ලට ලකුණු 16ක සබඳතාවයක් තබා ගත්තේ නායිකාව චමරි අතපත්තු ලකුණකට දැවී යාමෙන් පසුවය. පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ කොදෙව් නායිකාව හේලි මැතිව් කඩුලු තුනක් දවාලුවේ ලකුණු 17ක් ලබා දෙමිනි.

කොදෙව් පිතිකාරිනියන් අතුරින් කැපී පෙනුණු හේලි මැතිව් ලකුණු 50ක් ද සහ ෂබිකා ගජිනාබි ලකුණු 15ක් ද රැස් කළහ.  මොවුන් දෙදෙනා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මල්ෂා ෂෙහානි සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවාලූහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20ක දී සියලු දෙනා දැවී ලකුණු 107 යි –  (නිලක්ෂි ද සිල්වා 29, හර්ෂිතා සමරවික්‍රම 16, කවීෂා දිල්හාරි 16, විශ්මි ගුනරත්න 13, අනුෂ්කා සංජීවනී 09, හේලි මැතිව් 17/3  අෆි‍ෆ් ලේචර් 13/2, කරිෂ්මා කම්හාරක් 13/2)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුලු 6ක් දැවී ලකුණු 111 යි (හේලි මැතිව් 50, ෂබිකා ගජිනාබි 15, චිනෙලි හෙන්රි නොදැවී 14, මල්ෂා ෂෙහානි 11/1, කවීෂා දිල්හාරි 17/1)

 

 

 

 

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

USD United States (US) dollar