slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2023
මැතිව්ස් – ලක්ෂාන් ලකුණු 210ක සබඳතාවක

sinhala editor

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වූ ලක්ෂාන් එදිරිසිංහ තෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු 210ක සබඳතාවක් ගොඩනගා කළම්බු පිලෙන් පළමු ඉනිමේ එල්ල වූ අභීයෝගයට ගෝල් පිලෙන් සාර්ථක පිළිතුරක් ලබා දීමට සමත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවට පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු – ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 405ක් ලබාගත් අතර, එයට පිළිතුරු ලෙස ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 5ක් දැවී ගෝල් පිල ලකුණු 439ක් ලබා ගත්තේය. ඒ අනුව ගෝල් පිල මෙම තරගයේ පළමු ඉනිමේ වාසිය දැනටමත් තහවුරු කොට ඇත.

ගෝල් අංක එක පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ පන්දු 236කදී හයේ පහරක් හා හතරේ පහර 16ක් සමග ලකුණු 129ක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් වෙමින් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 202කදී හතරේ පහර 11ක් සමග ලකුණු 105ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් හා සංගීත් කුරේ ලකුණු 33ක් ගෝල් පළමු ඉනිමට දායක කළහ. ඊයේ තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී මහේෂ් කුමාර පන්දු 118කදී හතරේ පහර 7ක් සමග නොදැවී ලකුණු 71ක් හා රමේෂ් මෙන්ඩිස් පන්දු 24කදී හතරේ 2ක් සමග නොදැවී ලකුණු 15ක් ලබා බලාපොරොත්තු රඳවා සිටිති.

කළම්බු පළමු ඉනිමේදී මුල් පෙලේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 23කට දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් තම යුතුකම ඉටුකළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 205කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 21ක් එල්ලකොට ලකුණු 150ක් රැස් කළ අතර, නිසල තාරක ලකුණු 82කට දැවී ගියේය.

මෙම තරගයේ අවිශ්ක ප්‍රනාන්දු එල්ල කළ ලකුණු 150 තරගාවලියේ මෙවර පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ දෙවැනි වැඩිම ලකුණු ගණන වූ අතර, මෙයට පෙර කැන්ඩි පිලේ ඔෂධ ප්‍රනාන්දු කළම්බු පිලට එරෙහිව එස්. එස්. සී පිටියේදී ලකුණු 201ක් ලබා ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් කොට ඇත.

හෙට (12) තරගයේ අවසන් දිනයයි.

කළම්බු – පළමු ඉනිමට ලකුණු 405යි (ඕවර් 129.5)  (අවිශ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක 82, ප්‍රභාත් ජයසූරිය 15, තරිදු රත්නායක 28, උදිත් මධුෂාන් 18, කසුන් රාජිත නොදැවී 34, කවිශ්ක අන්ජුල 67 /4, මොහොමඩ් ෂිරාස් 76/1, අසංක මනෝජ් 80/1, රමේෂ් මෙන්ඩිස් 81/3, සංගීත් කුරේ 9/1)

ගෝල් – පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 439යි (ඕවර් 121) (සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 105, ලක්ෂාන් එදිරිසිංහ 129, දිනේෂ් චන්දිමාල් 63, මහේෂ් කුමාර නොදැවී 71, රමේෂ් මෙන්ඩිස් නොදැවී 15, උදිත් මධුෂාන් 70/1, නිසල තාරක 59/1, ප්‍රභාත් ජයසූරිය 115/1, දුෂාන් විමුක්ති 59/1)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee