slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2023
ලයන්ස් පිල එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අතර ඇරැඹි නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (15 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලබා දුන් ලකුණු 231 ක අභියෝගය හඹා ගිය ලයන්ස් පිතිකරුවෝ පන්දුවාර 40.2 පන්දු 2 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී සපුරා ගත්හ.

පළමු කඩුල්ලට එක් වුණු කෛාබ් බෙතිල් සහ ජැක් හේන්ස් එක්ව ගොඩ නංවන ලද ලකුණු 69 ක ශක්තිමත් පදනම පසුපසින් ගිය සෙසු පිතිකරුවෝ පීඩනයකින් තොරව ම ඉලක්කය කරා ගියහ. ලයන්ස් පිල වෙනුවෙන් බෙතෙල් ලකුණු 50 ක් සහ සෑම් හේන් ලකුණු 52 ක් වශයෙන් අර්ධ ශතක රැස් කර ගනිද්දී එල්.පී.එල්. තරගාවලියේදී දඹුල්ල අවුරා පිල නියෝජනය කළ ජෝර්ඩ්න් කොකස් ලකුණු 46 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී පන්දුවාර 10ම යැවූ පන්දු යවන්නන් දෙදෙනා වූ ප්‍රවීන් ජයවික්‍රම (2) සහ දුශාන් හේමන්ත (3) දැවී ගිය කඩුලු 6 න් 5 ක් දවා ගත්හ.

සදීර සමරවික්‍රමගේ නායකත්වයේ ඉනිමත් සහන් ආරච්චි සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිවිසි චාමික කරුණාරත්නගේ අර්ධ ශතක රැස් කිරීම හෙුතුවෙන් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (15 දා) පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 230 ක් ලබා ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් සදීර සමරවික්‍රම පැකිළිමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත්, උදෑසන පැයක පමණ කාල සීමාවේදී පන්දුවේ තිබූ අසීමිත දෝලනය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 4 ක් අවසන්වීමට මත්තෙන් කඩුලු 3 ක් බිද වැටුණේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 09 ක්ව සටහන්ව තිබියදීය.

අනතුරුව කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ද මුලු ලකුණු සංඛ්‍යාව 25 දී දැවී යෑම ශ්‍රී ලංකා ‘ඒ’ පෙරමුණ සම්පූරණයෙන්ම අඩ පණ වීමට හේතු විය. කෙසේ වෙතත් නායක සදීරට එකතු වුණු සහන් ආරච්චිගේ දෙදෙනා එක්ව පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක් කළේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනංවමිනි.

පන්දු 68 කදී සහන් ආරච්චිගේ අර්ධ ශතකය වාර්තා කර ගනිමින් හොඳින් පන්දුවට පහර දෙද්දී 57 වැනි ලකුණේදී දැවී ගියේ ජැක් හේන්ස් විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. ටොම් ප්‍රෙස්ට්ගේ පන්දුවකට හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකි හේන්ස් ට ලබා දුන් උඩ පන්දුව හැර අවධානම් පහරක් එල්ල නොකිරීමට වග බලා ගත්තේය. පන්දු 80 කදී ගොඩනැවුණු සහන්ගේ ඉනිමට ඇතුළත්ව තිබුණේ හතරේ පහර 4 ක් පමණි.

නායකත්වයේ වගකීම කුමක්ද යන්න හරියටම වටහා ගනිමින් පන්දුවට පහර දුන් සදීර සමරවික්‍රම, චාමික සමගද එක් වෙමින් ලකුණු සංඛ්‍යාව ඉහලට රැගෙන ඒමට උත්සාහ ගත්තේය. එහෙත් මිඩ් විකට් කළාපයට ඉහලින් පන්දුව යැවීමට ගන්නා ලද උත්සාහයේදී එය සෝඩ් මිට් විකට්හි පන්දු රැකි ජෝර්ඩ් කොක්ස් දෑත් අතර සිර කරගත්තේ ගුවනට මුසු වෙමිනි. ඒ සමඟම සදීරගේ ලකුණු 74 ක වටිනා ඉනිම නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 6 වැනි කඩුල්ලද අහිමි වෙමිනි. පන්දු 86 කට මුහුණ දුන් සදීරද සහන් පරිදිම හතරේ පහර 4 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය.

නවසීලන්ත තරග සංචාරයේදී අංක 7 පිතිකරුවාගේ භූමිකාව සඳහා චාමික කරුනාරත්නව යොදා ගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු විය. මේ නිසාම ඔහු අවසන් වරට ගාල්ලේ පැවැති දෙවැනි සිව්දින තරගය සඳහාද යොදා ගැණින. එම තරගයේ ඉනිම 2 දීම ඔහුට ලකුණු ලබා ගැනීමට නොහැකි වුවද අද තරගයේදී සාර්ථක වෙමින් ලකුණු 52 ක් ලබා ගත්තේ ‘ඒ’ පසු පෙළ ශක්තිමත් කරමිනි.

සදීර දැවී යන විටත් චාමික රැස් කරගෙන සිටියේ ලකුණු 9 කි. අනතුරුව පිටියට පිවිසි දුශාන් හේමන්ත චාමික සමඟ ඉතා හොඳින් ලකුණු රැස් කළේ ටොම් හාර්ට්ලිට එරෙහිව දැවැන්ත හයේ පහරක්ද එල්ල කරමිනි. එහෙත් තවත් ලකුණු 6 ක් ඇතුළත කඩුලු 3 ක් දැවී යෑම නිසා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 209 ක් ලෙසින් සටහන් විය. ඒ වන විට ලකුනු 23 ක් ලබා සිටි චාමික පීඩනය තමන් වෙතම තබා ගනිමින් අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ මුහුණ දුන් 45 වැනි පන්දුවේදී සෑම් කුක්ට හතරේ පහරක් එල්ල කරමිනි. ඊට පෙර කාල සිමවේදී ඔහු ටොම් හාර්ට්ලිට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ ඉනිම ලකුණු 52 දී නිමා වන විට හතරේ පහර 5 කින් ද ඉනිම සරසාගෙන සිටියේය.

තරගයේ වීරයා ලෙසින් පන්දුවාර 7.1 කදී නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟින් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් සකීබ් මහමූද් නම් කරනු ලැබීය.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee