slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2023
වනිඳුගෙන් වේගවත් ඉනිමක්

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කන්ඩායම තෙවැනි දිනය වන අද (25 දා) තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියි.

දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ප්‍රවේගකාරී පපිතිහරඹයක නිරත වුණු වනිඳු හසරංග ලකුණු 95 ක් ලබා ශතකය පෙනී පෙනී දැවී ගියේය. පන්දු 66 ක් පමණක් ඒ සදහා වැය කළ දකුණත් පිතිකරුවා ඒ සදහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඉනිමට එල්ල කළේය. ඔහුට අමතරව පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ පවන් රත්නායක ලකුණු 47 ක් රැස් කළේය.

දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුනු 426 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද ජැෆ්නා කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 236 කි. මෙම තරගයේදී දඹුල්ල පිල වෙනුවෙන් ක්‍රීඩා කළ පා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ දුශාන් හේමන්ත හමුවේ ජැෆ්නා පිතිකරුවන් අසරණ විය.

දැවී ගිය කඩුලු 10 න් 6 කටම හිමිකම් කීවේ පා දඟ පන්දු යවන වනිඳු හසරංගය. ඔහු පන්දුවාර 19.4 ක් යවමින් නිලකුණු පන්දු වාර 7 කදී ලකුනු 46 කට කඩුලු 6 ක් දවා ගත්තේ කලකට පසු රතු පන්දුවෙන් දස්කම් අතරට පැමිණෙමිනි.  ඔහුට අමතරව එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කඩුලු 11 ක් දවා ලමින් තරගාවලියේ වීරයා බවට පත් වුණු දුශාන් හේමන්ත ලකුණු 51 කට කඩුලු  2 ක් දවා ගත්තේය.

ජැෆ්නා පළමු ඉනිම වෙනුවෙන් නැවතත් ලකුණු අතරට පිවිසි රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් ලබා ශතකය පෙනී පෙනී හසරංග හමුවේ දැවී ගියේය. පන්දු 135 කට මුහුණ දුන් වමත් ආරම්භක පිතිකරුවා ඒ සදහා හතරේ පහර 11 ක් ඉනිමට ඇතුළත් කළේය.

ඉදිරි පෙළ පිතිකරුවන් අතරින් සිව් දෙනෙකුම ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් වුවත් ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවන් කරා යෑමේ අවස්ථාව අහුරාලීමට පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පෙර සතියේදී ලකුණු 195 ක් ලබා ගත් ළහිරු මදුශංක අද දිනයේදී ලබා ගන්නා ලද්දේ ලකුණු 34 ක් පමණි. නායක සදීර සමරවික්‍රමද ලකුණු 34 කට දැවී යෑම ජැෆ්නා පිලට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

දඹුල්ල පළමු ඉනිමට ලකුණු 426යි ( ඕවර් 122.4) ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන 49, චමිදු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43 ( ෂශික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3)

ජැෆ්නා – පළමු ඉනිමට 236 යි (ඕවර් 58.4) රොන් චන්ද්‍රගුප්ත 97, අවිශ්ක තරිදු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුසංඛ 34, රවිඳු ප්‍රනාන්දු 13, වනිඳු හසරංග 46/6, දුශාන් හේමන්ත 51/2,

දඹුල්ල‌ දෙවැනි ඉනිම 254/6 යි – (ගයාන් මනීෂාන් 18, අබිෂේක් ලියනාරච්චි 11, පවන් රත්නායක 47, සනෝජ් දර්ශික 29, අශාන් ප්‍රියන්ජන් 31, වනිඳු හසරංග 95, ජෙෆරි වැන්ඩර්සි 68/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee