slc
logo
Home   |    News
පෙබරවාරි 18, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පිලෙන් ලයන්ස්ලාට ලකුණු 316 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරනාත්මක දෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුනු 315 ක ලබා ගැනිමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (18 දා) සමත්විය.

නියමිත එල්ලකයක් නොමැති වූද පන්දු රැකීමද දුර්වල වූ ලයන්ස් කණ්ඩායම හමුවේ කිසිදු අපහසුවකින් තොරව සිය පිති මුහත් ‘ඒ’ පිතිකරුවන් අතරින් ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූයේ මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි.

එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ඉතාමත් විශ්වාසනීය අන්දමින් පන්දුවට පහර දුන් කෲස්පුලලේ මේසන් ක්‍රේන්ගේ පන්දුවකට ටොම් ප්‍රේස්ට් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලකුනු 73 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 67 කදී වාර්තා වුණු කෲස්පුල්ලේගේ ඉනිම සදහා ඔහු හතරේ පහර 12 ක් එල්ල කර තිබුණේය. ලයන්ස් පිල මෙහි පැමිණ තරග වැදි තුන්දින පුහුණු තරගයේ සිට ඔවුන් හා තරග වැදි කෲස්පුල්ලේගේ ලකුණු ලබා ගැනීමේ අනුපිළිවෙළ සටහන් වූයේ 19, 116, 128, 47, 4 සහ 73 ක් වශයෙනි.

අවිශක ප්‍රනාන්දු ලකුණු 11 කදී දැවී ගියද කෲස්පුල්ලේට එකතු වුණු නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 108 ක් එක් කළහ. පන්දු 91 කදී ලකුණු 100 සීමාව ඉක්මවා ගිය දකුණත් පිතිකරුවන් යුගලය පන්දුවාරයකට ලකුණු 6 කට ආසන්න අතැම් විට ඊටත් වඩා වේගයක් රදවා ගැනීමටසමත්වූහ.

කෲස්පුල්ලේට අනගි සහයක් ලබා දුන් නුවනිඳු තැන්පත් පිතිකරණයක යෙදෙමින් ලකුනු 57 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු නුවනිඳුගේ ඉනිම පන්දු 70 කින් සමන්විත විය. ලකුණු 27 ක් ඇතුළත නුවනිඳු සහ කෘෘස්පුල්ලේ දැවීයෑමෙන් පසු පිටියට එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ නායක සදීර සමරවික්‍රම තරගයේ පසු භාගයේ වගකීම අකුරටම ඉටු කරන ලද්දේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක් කරමිනි.

නවසීලන්ත තරග සංචාරයට එක් කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව සුදු පන්දුවට ඇහැ හරු කර ගැනීමේ බලාපාරොත්තු ඇතිව මෙම තරගාවලියට යොදවන ලද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 53 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේ තමන් පිළිබඳව තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි බව පෙන්වා දෙමිනි.

අවසන් මාස කීපයේදීම ලකුණු අතර සිටි සදීර සමරවික්‍රම අද දිනයේදීද නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් පන්දු 42 කදී ලකුණු 40 ක් රැස් කරගත්තේය. හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් වුණු සදීර, මැතිව්ස් සහ සහන් ආරච්චිගේ තිදෙනාම ලකුණු 20 ක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු දුනිත් වෙල්ලාලගේ සහ සුමින්ද ලක්ෂාන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි සුමින්ද ලක්ෂාන් පන්දු 27 කදී ලකුණු 35 ක් රැස් කරගන්නා ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. අනෙක් අන්තයේ රැදී සිටි වෙල්ලාලගේ පන්දු 17 කදී ලකුණු 15 ක් රැස් කරගෙන සිටියේය.

 

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee