slc
logo
Home   |    News
මාර්තු 28, 2023
අපරාජිතව බව රැක ගැනීමේ අවසන් සටන

sinhala editor

නවසීලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සහභාගිවීමට නියමිත දෙවැනි එක්දින තරගය  හෙට (28 වැනිදා) ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගයේ ලද පරාජයත් සමඟ තරගාවලියට යළි අවතීර්ණවීමේ බලාපොරොත්තු ඇතිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයගතහොත් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සමත්වන්නේය.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම ගැටලුව වන්නේ හැග්ලි පිටියේදී ශ්‍රී ලංකා පිල මෙතෙක් සහභාගිව ඇති එක්දින තරග 4 ම පරාජයට පත්ව තිබීමය.

පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන මෙම තරඟාවලියේ පළමු තරගයේ දී ලද පරාජය ශ්‍රී ලංකාව ප්‍රබල බාධකයකි.

එමෙන්ම ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගිවූ එක්දින තරග 2 දීම ලකුණු 80 කට අඩුවෙන් සීමාවීම නිසා තරගාවලියේ තවදුරටත් අපරාජිතව පසුවීමට නම් හෙට තරගයේදී පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අනිවාර්යය වනු ඇත.

ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංග පළමු තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා හෙට තරගයේදී ඔහුට ස්ථානයක් වෙන්වේද යන්න ගටලු සහගතය. එබැවින් දඟ පන්දු යවන්නාගේ වගකීම ධනංජය ද සිල්වා හට හිමිවීමේ බොහෝ ඉඩ කඩක් හෙට තරගයේදී විවර වන්නේය. එම තරගයේදී වනිඳු හසරංග විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 67 ක් ප්‍රතිවාදීන් ලබා ගන්නා ලද්දේ එකම කඩුල්ලක් හෝ ඔහුගේ නම ඉදිරියෙන් ලබා නොදෙමිනි.

පළමු තරගය සඳහා ක්‍රීඩා කරන ලද නවසීලන්ත කණ්ඩායම හෙට දිනයේදී වෙනස්කම් දෙකක් සමඟින් අවතීර්ණවනු ඇත්තේ ග්ලෙන් පිලිප්ස් සහ ෆින් ඇලන් දෙදෙනාම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට නියමිත බැවිනි. ඒ වෙනුවට හෙන්රි නිකොලස් සහ මාර්ක් චැප්මන් කණ්ඩායමට එකතුවීමට නියමිතව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee