slc
Home   |    News
මාර්තු 26, 2023
ආරාධිත 23න් පහළ ශූරයින් තේරීම මාර්තු 26 වැනිදා

sinhala editor

කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට මහනුවර සහ කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම් සමත්ව සිටිති. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය මාර්තු මස 26 වැනි ඉරු දිනදී පැවැත්වෙනු ඇත.

ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට එම කුසලාන සමඟ මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් පිරිනැමෙනු ලැබෙන මෙම තරගාවලියේ අනුශූරතාව සඳහා මුදලින් රුපයිල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් පිරිනැමෙනු ඇත. එම ප්‍රධාන ශූරතා වලට අමතරව අවසන් මහ තරගයේ වීරයා සඳහා රුපියල් 25,000ක මුදලක් පිරිනැමෙනු ඇත.

තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් 50,000 බැගින් පිරිනැමෙන මෙම තරගාවලියේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා රුපියල් 75,000 ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

ඒ කාණ්ඩයෙන් තරග වැදි මහනුවර කණ්ඩායම තරග 8 කදී ජයග්‍රහණ 7 ක් වාර්තා කරමින්ද කලුතර ශාරීරික යෝග්‍යතා පිල තරග 7 කදී ජයග්‍රහණ 6 ක්ද වාර්තා කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්හ.

මෙවර තරග වාරයේ පිතිකරුවන් අතර දක්ෂතා දක්වන ලද හොඳම 10 දෙනා අතර කලුතර කණ්ඩායමේ විශ්ව දිදුලන පසුවන අතර පන්දු යවන්නන් අතර ද ඔහු තෙවැනි ස්ථානයේ පසුවෙයි. තදුල ද සිල්වා එම පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානයේ පසුවෙයි. මේ අතර මහනුවර කණ්ඩායමේ දිනුක තෙන්නකෝන් 6 පන්දු යවන්නන්අතර 6 වැනි ස්ථානයේ පසුවන්නේය.

 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest