slc
logo
Home   |    News
මාර්තු 23, 2023
කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 ක දැවැන්ත ඉනිමක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ සමත්වූවේය.

කලම්බු පිලට එරෙහිව පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම, කෲස්පුල්ලේගේ වටිනා ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 කට ලකුණු 308 ක් රැස්කර ගැනීමට සමත්වූවේය. එය මෙතෙක් නැෂනල් සුපර් ලීග් එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

පන්දු 133 කට මුහුණ දුන් දකුණත් අරම්භක පිතිකරුවා හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 කින්ද සිය ඉනිම වර්ණවත් කරගත්තේය. පළමු කඩුල්ල වෙනුවෙන් සඳුන් වීරක්කොඩි සමඟ ඉනිම ආරම්භ කළ ලසිත් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 89 ක් එක් කළහ. කෲස්පුල්ලේට අමතරව සඳුන් වීරක්කොඩි (28) සහ අහන් වික්‍රමසිංහ (26) ලකුණු 20 සීමාව ඉක්මවූ පිතිකරුවෝ වූහ.

අවසන් මාස කීපයේදී පිතිකරුවකු ලෙස ලබා සිටින දැඩි සාර්ථකත්වය නිසාම ඔහු නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියිමත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩාඉමට ඇතුළත්ව සිටියි.

මෙම ඉනිම නිසා නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 308 ක් රැස් කිරීමට සමත් විය. කෙසේ වෙතත් කැන්ඩි ඉනිම අවසන් විමෙන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර නැවත තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු තත්ත්වයක් එහි නොවීය. එබැවින් තරගය අතර මඟ අත්හැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ. පන්දු යැවීමේදී දුශාන් විමුකක්ති කඩුලු 3 ක් බිඳ හෙළද්දී සචිත ජයතිලක සහ ධනුෂ්ක සඳරුවන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

කැන්ඩි පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 308 යි – (ලසිත් කෲස්පුල්ලේ 167, සඳුන් වීරක්කොඩි 28, ළහිරු උදාර 17 ,, අහන් වික්‍රමසිංහ 26, පුලින තරංග 12, අසේල සිගේරා 17, අම්ෂි ද සිල්වා 11*, දුශාන් විමුක්ති 34/3, සචිත ජයතිලක 76/2, ධනුෂ්ක සඳරුවන් 55/2)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest