slc
Home   |    News
මාර්තු 8, 2023
ජාත්‍යන්තරයට ගිය නිලධාරිණීන් සිව්දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපහාර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාවලින් පසු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල තරග විනිශ්චය මණ්ඩලයට උසස්වීම් ලබා සිටින කාන්තා ක්‍රිකට් නිලධාරීන් සිව්දෙනාට උපහාර දැක්වීමක් ඉකුත් මාර්තු 07 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලෙකම් මොහාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැති චාම් උත්සවයකදී වැනේසා ද සිල්වා, මිෂෙල් පෙරෙයිරා, දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා යන නිලධාරිණියන් සිව්දෙනා ඇගයීමට ලක් කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන බන්දුල දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මෙන්ම විනිසුරු සංවර්ධණ අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු චානක තේනුවර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපහාර ලද නිලධාරිණියන් අතර වැනේසාද ද සිල්වා සහ මිෂෙල් පෙරේරා යන නිලධාරිණියන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ල නියෝජනය කරනු ලබන අතර දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා යන නිලධාරිණියන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සංවර්ධන ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල ද නි‌යෝජනය කරනු ලබති.
මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා, ‘ඔවුන් ලබා සිටින ජයග්‍රහණය පිළිබඳව අපි අතිශයින් සතුටට පත් වෙනවා. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දිරිගැන්වීමක් ලබා දෙන අතර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිට ජාත්‍යන්තරයේ විනිසුරුවන් මෙන්ම තවත් බොහෝ දේ දක්වා යා හැක්කේ කොතැනින්ද කියන දේ පෙන්නුම් කරනවා” යනුවෙනි.
මෙම නිලධාරිණීයන් සිවු දෙනා අතර වැනේසා, මිෂෙල් සහ දේදුණු ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජයන කර තිබෙන අතර නිමාලි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් තරගාවලි, පළමු පෙළ සහ යොවුන් ක්‍රිකට් තරගාවලි වැනි ‌දේශීය මට්ටමේ තරග වල කටයුතු කරමින් මොවුහු පුළුල් අත්දැකීමක් ලබා තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මන්ඩලයේ සාමාජිකාවක් වන වැනේසා ද සිල්වා ඉකුත්දා දකුණු අප්‍රිකාවේ නිමාවට පත් වුණු වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියේ තීරග තීරකවරියක ලෙසින් කටයුතු කරමින් අවසන් මහ තරගයේද තීරකවරිය ලෙසින් කටයුතු කළාය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවන ලද 100% ක්‍රිකට් අනාගත නායකයින්ගේ වැඩසටහනේ දෙවැනි කණ්ඩායමේ සාමාජිකාවක් වන මිෂෙල් පෙරේයිරා ද දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසින් කටයුතු කළාය.
එම නිලධාරීන් දෙදෙනාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවර්ධන විනිසුරුවරුන්ගේ කමිටුවේ සාමාජිකාවන් වන දේදුනු ද සිල්වා, නිමාලි පෙරේරා දකුණු අප්‍රිකාවේ පැවැති පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරියන් ලෙසින් කටයුතු කළහ. මෙහිදී දේදුණු විසින් වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය විනිශ්චය කටයුතු සඳහා පත් කරන ලද විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසින් එම ලෝක කුසලාන තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක සහ අවසන් මහ තරගයේ රූපවාහිනී විනිසුරුවරිය ලෙසින් කටයුතු කළාය.
ඇයට අමතරව නිමාලි පෙරේරා පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයක ලෙස කටයුතු කිරීමට අමතරව ඇය එම විස්සයි-20 තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයකදී පිටියේ විනිසුරුවරයක ලෙසින්ද අවසන් මහ තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙසින්ද කටයුතු කළාය.
මෙම උපහාර පිදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන් සියලු දෙනාම කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌‌වේ විශිෂ්ඨත්වය අගය කිරීම සදහා විශේෂ ඵලකයක් පිරිනැමීම කැපී පෙනිණ.

වමේ සිට නිමාලි පෙරේරා, දේදුණු ද සිල්වා, වැනේසා ද සිල්වා සහ මිෂෙල් පෙරේයිරා ඡායාරූපයේ වෙති.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest