slc
logo
Home   |    News
මාර්තු 20, 2023
ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබා සිටියදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු නායක නිපුන් ධනංජය මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 6ක් සමග පන්දු 46කදී ලකුණු 43ක් ලබා වේගවත් ආරම්භයක් ලබාදුන් අතර, ඉදිරි පෙළ පිතිකරුවන් වූ හේෂාන් ප්‍රනාන්දු හා කුසල් ජනිත් ලකුණු 6 බැගින් ලබා දැවී ගියහ.

නායක නිපුන් ධනංජය හා අශේන් බණ්ඩාර එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 53ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, නිපුන් ලකුණු 31ක් ලබා සිටියදී දැවී ගියේය. අශේන් බණෟඩාර පන්දු 71ක් තුලදී හයේ 2ක් හා හතරේ 2ක් සමග ලකුණු 69ක් ලබාගත් අතර එය ඉනිමේ පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු ගණන විය.

කළම්බු පිලේ අවසන් කඩුලු තුන ලකුණු 28ක් තුල දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වූ අතර,  නිසල තාරක ලකුණු 20ක් වාර්තා කිරීමට සමත් විය

රවිදු ප්‍රනාන්දු කඩුලු 3ක්, බිනුර ප්‍රනාන්දු, ෂිරාන් ප්‍රනාන්දු හා දිලුම් සුධීර කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

කළම්බු – කඩුලු 9ක් දැවී ලකුණු 211 (ඕවර් 46.3)අවිශ්ක ප්‍රනාන්දු 43, නිපුන් ධනංජය 31, අශේන් බණ්ඩාර 69, සචිත ජයතිලක 13, නිසල තාරක 20 ( රවිදු ප්‍රනාන්දු 42/3, බිනුර ප්‍රනාන්දු 37/2, ෂිරාන් ප්‍රනාන්දු 44/2, දිලුම් සුධීර 36/2)

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee