slc
Home   |    News
මාර්තු 11, 2023
ජැෆ්නා පිලට ඩක්වර්ත් – ලුවිස් පිහිට වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගෝල් පිල අයහපත් කාලගුණය මැද තරගය නවතා දමද්දී ඕවර් 32. 3කදී කඩුලු 9කට ලකුණු 171ක් ලබාසිටි හෙයින් මෙම පහසු ජයග්‍රහණය ජැෆ්නා පිල සතු විය.

ගෝල් පිලට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවූ ප්‍රමෝද් ඹධුෂාන් කඩුලු 3ක්, රවිදු ප්‍රනාන්දු හා ළහිරු මධුසංඛ කඩුලු 2 බැගින් බිදහෙලීම කැපී පෙණුනි. ගෝල් පිලේ පළමු කඩුලු 3ක් ඕවර් 4.5ක් ගෙවෙද්දී දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත්වීමෙන් පීඩනය වැඩි විය. එම පීඩනය මැද යම් දුරකට හෝ සාර්තකත්වයක් දැක්වූ පසිදු සූරියබණ්ඩාර පන්දු 64කදී හතරේ 5ක් සමග ලකුණු 51ක් ලබාගත් අතර, පන්දු 37කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට පැතුම් කුමාර සමත් විය.

ගෝල් ආරම්භක පන්දු යැවූ දිල්ෂාන් මධූසංඛ තරගය පුරා කඩුලු 5ක් ලබාගෙන ලබාදුන් තර්ජනය මැද ජැෆ්නා පිල ආරම්භයේ අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් මුල් කඩුලු 3ක් ලකුණු 23කට දැවී ගිය අතර, නායක සධීර සමරවික්‍රම හා ජනිත් ලියනගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ගොඩනගා ස්ථාවර තත්ත්වයකට රැගෙන ආහ. සධීර සමරවික්‍රම පන්දු 62කදී හතරේ පහර 5ක් සමග ලකුණු 53ක් රැකස්කළ අතර ඔහුට අනගි සහයක් දෙමින් ජනිත් ලියනගේ පන්දු 95කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 62ක් එක් කළේය.

ජැෆ්නා පිලට ළහිරු මධුසංඛ පන්දු 27කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක් වාර්තා කළ අතර, රවිදු ප්‍රනාන්දු පන්දු 39කදී හයේ පහරක් හා හතරේ 4ක් සමග ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා– රවිඳු ප්‍රනාන්දු

ජැෆ්නා – සියළු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 48.4)
නවෝද් පරණවිතාන 12, සධීරඑ සමරවික්‍රම 53, ජනිත් ලියනගේ 62, ළහිරු මධුසංඛ 22, කමේෂ් නිර්මාල් 18, රවිදු ප්‍රනාන්දු 46 ( දිල්ෂාන් මධුසංඛ 40/5, ධනංජය ලක්ෂාන් 30/1, මහේෂ් තීක්ෂණ 48/1, දුනිත් වෙල්ලාලගේ 45/1)

ගෝල් – කඩුලු 9ක් දැවී ලකුණු 171යි (ඕවර් 32.3)
පසිදු සූර්යබණ්ඩාර 51, විශාද් රන්දික 14, දුනිත් වෙල්ලාලගේ 12, පැතුම් කුමාර නොදැවී 60 ( බිනුර ප්‍රනාන්දු 20/1, ප්‍රෙමා්ද් මධුෂාන් 42/3, රවිදු ප්‍රනාන්දු 14/2, දිලුම් සධීර 39/1, ළහිරු මධුසංඛ 22/2)

තරග තීරක වෙන්ඩ්ල් ලැබ්‍රෝයි මහතා අතින් රවිඳු ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානය ලබාගනිමින්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest