slc
Home   |    News
මාර්තු 16, 2023
තුන්කොන් තරගාවලියේ සූදානම ගැන යොවුන් නායකයා සතුටින්

sinhala editor

BY CHAMILA KARAWITA

2023 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීළඟ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් සැලකෙන අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන තම කණ්ඩායම තරගාවලිය සදහා ඉතා හොඳ සූදානමකින් පසුවන බව එම කණ්ඩායම් නායක ෂෙවෝන් ඩැනියල් සඳහන් කර සිටියි. මෙම තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව දිවා/රාත්‍රී එක්දින තරග දෙකකටද ක්‍රීඩා කිරීමට නියමිතය.

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇත. එම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 15 වැනිදා අබුඩාබි බලා පිටත්ව ගිය අතර, ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ශ්‍රී ලංකා යොවුන් නායකයා අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති සර්වාගමික ආගමික වතාවත් වලින් අනතුරුව යොවුන් කණ්ඩායම පිටත්ව ගියේය. ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ අභිප්‍රේරණ වාර්තාමය චිත්‍රපටයක් සහ අභිප්‍රේරණ වර්ධනය සහ ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දූෂණයන් සම්බන්ධ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විමර්ෂණ ඒකකය නියෝජනය කරනු ලබන මෙරට ප්‍රධානී තේජක වනිගසේකර මහතාගේ පූර්ණ දැනුවත් කිරීමේ වැඩසහනටක යොවුන් කණ්ඩායම සහභාගිවිය.

“තරගාවලිය ඉලක්ක කරගෙන මාස 2 ක විතර ඉඳන් තමයි අපි පුහූවීම් පටන් ගත්තේ. ඒ වගේම පුහුණු තරග කීපයකටත් ක්‍රීඩා කළා. ඒ අනුව මේ තරගාවලිය සඳහා අපි හොද සූදානමකින් ඉන්නවා කියලා කියන්න පුලුවන්” යැයි ෂෙවෝන් සදහන් කර සිටියේය.

තම කණ්ඩායමට මීට පෙර ලෝක කුසලාන සහ ජාත්‍යන්තර තරගාවලිවලට ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් වන බවද සඳහන් කර සිටි යොවුන් නායකයා, නවකයින් ලෙස තරගාවලියට පිටත්ව යන ක්‍රීඩකයින්ට පීඩනයක් නැතුවාම නොවන බවද සඳහන් කර සිටියේය.

“ස්කොඩ් එකේ ඉන්න 4 දෙනෙක් මීට කළින් යොවුන් කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා. අනිත් කට්ටිය ඔක්කොම අලුත් කට්ටිය ඉන්නේ. අපේ තියෙන හොද දේවල්  කරලා ශ්‍රී ලංකාව හොද තත්ත්වයක තියන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ” යැයි පවසන ෂෙවෝන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේය.

“කණ්ඩායමේ ගොඩක්ම ඉන්නේ ඉස්සෙල්ලාම ටුවර් එකක් යන කට්ටිය. හිතන විදියට පොඩි ප්‍රෂර් එකක් ඇති. මමත් නායකත්වය දරන පළමු අවස්ථාව. නමුත් මම විශ්වාස කරනවා අපිට හොද දෙයක් කරන්න පුලුවන් බව. මේ කණ්ඩායම තව ටුවර් දෙක තුනක් යද්දී ඊළඟ අවුරුද්දේ ලෝක කුසලාන තරගාවලිය වෙනකොට හොඳ තැනක ඉඳීවි කියලා මම හිතනවා” යැයි ෂෙවෝන් පවසයි.

ශ්‍රී ලංකා යොවුන් පිල – ෂෙවෝන් ඩැනියෙල් (නායක), හිරුන් කපුරුබණ්ඩාර, මල්ෂ තරුපති, දිනුර කලුපහන, දිනෙත් ජයවර්ධන, විහස් තෙව්මික, විශේෂ් හැළඹගේ, හිරාන් ජයසුන්දර, ට්‍රෙවීන් මැතිව්, තීරක රණතුංග, විශ්ව ළහිරු, දුවිඳු රනතුංග, මනුල කුලරත්න, ගරුක සංකෙත්, විශ්ව රාජපක්ෂ

 

 

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest