slc
Home   |    News
මාර්තු 30, 2023
දඹුල්ල අවසන් සටනට ඒම ස්ථීර කර ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී 6 වැනි ජයග්‍රහණය වාර්තා කරගත් දඹුල්ල පිල ප්‍රසාද ලකුණු  සටහනේ කිසිවකුටත් ළඟා විය නොහැකි ඉහළකට අද (30 දා) පැමිණියේය. තරග 7කට සහභාගීවී තරගයක් පරාජයවී සිටින දඹුල්ල පිල ලබන 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගයට කලින්ම සුදුසුකම් ලබා සිටියදී ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූවේය.

මෙවර තරගාවලියේදී දඹුල්ල ඉදිරියේ කැන්ඩි පිල පරාජයට පත් වූයේ දෙවැනි වරට වීම විශේෂත්වයකි. කඩුල්ලක තියුණු ජයක් ලෙසින් වාර්තා වුණු මෙම ජයග්‍රහණයට පෙර කැන්ඩි – දඹුල්ල හමුවූ පසුගිය මාර්තු 17 වැනිදා පල්ලේකැලේ පැවැති පළමු වටයේ තරගයේදී දඹුල්ල කඩුලු 7ක ජයක් අත්කරගත්තේය.

අද පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිල සියළු දෙනා දැවී ලකුණු 239ක් රුස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ දඹුල්ල ක්‍රීඩකයෝ කඩුල්ලක් ඉතිරිව තිබියදී ලකුණු 240ක් ලබා ඉලක්කය සාර්ථක කර ගත්හ. ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ අඩිතාලම කවදුරටත් ඉදිරියට ගෙන ගිය මැද පෙළ පිතිකරු සොනාල් දිනූෂ පන්දු 66කදී හතරේ පහර 4ක් සමග ලකුණු 53ක් ලබා ඉනිම ගොඩනැගීය.

ලකුණු 175 දී කඩුලු 6ක් බිදවැටී ඇති අවස්ථාවක දුෂාන් හේමන්ත හා රනිත ලියනාරච්චි එක්ව 7වැනි කඩුල්ලට ලකුණු 24ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, දුෂාන් පන්දු 42කදී හයේ පහරක් හා හතරේ පහරක් සමග ලකුණු 37ක් ද, රනිත පන්දු 20කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් ද දඹුල්ල ලකුණු පුවරුවට එක් කළහ. ජයග්‍රහණය තහවුරු මොහොතේ නොදැවී සිටි චමිදු විජේසිංහ නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතිල්ල තමන්ගේ අණසකට යටත් කර ගැනීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය දිනාගත් වහාම පන්දුවට පහරදීමට තෝරා ගැනීම කැන්ඩි පිලතීරණය කළේය. ඒ අනුව නායක නිරෝෂන් දික්වැල්ල හා ඔෂධ ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිස අතර, දික්වැල්ල ලකුණු 15දී දවා ගැනීමට රනිත ලියනාරච්චි සමත් වූවේය. දික්වැල්ලගේ දැවී යෑමත් සමග පිටියට පිවිසි සදුන් වීරක්කොඩි ලකුණු 1කට දැවී ගිය අතර, ඔෂධ ප්‍රනාන්දු සමග එක්වූ ළහිරු උදාර 3වැනි කඩුල්ලට අගනා ලකුණු 110ක ම්බන්ධතාවක් ගොඩනැංවූහ.

සතර අතට පහර එල්ල කළ ඔෂධ ප්‍රනාන්දු පන්දු 75කදී ලකුණු 76ක් වාර්තා කළ අතර, එයට හයේ පහරක් හා හතරේ පහර 10ක් ඇතුලත් විය. ළහිරු උදාර පන්දු 52කදී හතරේ පහර 2ක් සමග ලකුණු 52ක් ලබාගත් අතර, 32වැනි ඕවරයේ පන්දු 3ක් තුල කැන්ඩි පිලේ කඩුලු 2ක් දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත්වීමෙන් ලකුණු වේගය අඩාල විය. හොදින් පන්දුවට පහර දෙමින් සිටි අහන් වික්‍රමසිංහ ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට විකට් රකින ක්‍රීඩක මිනෝද් භානුක අතට උඩපන්දුවක් දී ලකුණු 23කට දැවී ගිය අතර, මොවින් සුබසිංහ ලකුණු ලබා ගැනීමට පෙර කඩුල්ල මුවා කිැරීමේ වරදට හසුකර ගැනීමට සඳකැන් යළිත් සමත් වූවේය.

කැන්ඩි ඉනිම නිමාවෙද්දී ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් දවාගෙන සිටි අතර, ළහිරු සමරකෝන් හා සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

තරගයේ වීරයා – සොනාල් දිනූෂ

කැන්ඩි – සියළු දෙනා දැවී ලකුණු 239යි (ඕවර් 47.1) – නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 76, ළහිරු උදාර 52, අහන් වික්‍රමසිංහ 23, අසෙල් සිගේරා 23, පුලින තරංග 20 ( ලක්ෂාන් සඳකැන් 37/4, ළහිරු සමරකෝන් 24/2, සොනාල් දිනූෂ 32/2, රනිත ලියනාරච්චි 26/1, දුෂාන් හේමන්ත 59/1

දඹුල්ල – කඩුලු 9කට ලකුණු 240යි (ඕවර් 48.5)- පවන් රත්නායක 34, කමිඳු මෙන්ඩිස් 26, ලසිත් අබේරත්න 16, අශාන් ප්‍රියංජන 24, සොනාල් දිනූෂ 53, දුෂාන් හේමන්ත 37, රනිත ලියනාරච්චි 21, චමිදු විජේසිංහ නොදැවී 12 ( අශේන් ඩැනියෙල් 39/3, මොවින් සුබසිංහ 46/3, චාමික ගුණසේකර 21/1, අසේල් සිගේරා 43/1, පුලින තරංග 36/1

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest