slc
logo
Home   |    News
මාර්තු 27, 2023
දඹුල්ල ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියටම

sinhala editor

සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනී‌මෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය   ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරග වටයට තේරී පත්වීමට මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම සමත්ව සිටියි.

අශාන් ප්‍රියන්ජන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු ලපිල පන්දුවාර 28 කදී ලකුණු 140 කට සීමා කිරීමට දඹුල්ල පිලට හැකියාව ලැබිණ. එහිදී කැපී පෙනන  පන්දු යැවීමක නිරත වුණු අශාන් ප්‍රියන්ජන් ලකුණු 20 ක් ඇතුළත කලම්බු පිතකිරුවන් හය දෙනෙකු දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. පන්දුවාර 10 ම යැවූ ප්‍රියන්ජන් නිලකුණු පන්දුවාර 2 ක් දසමඟින් සිය පන්දු යැවීම සනිටුහන් කරගත්තේය.

කලම්බු ඉනිම වෙනුවෙන් අශෙන් බණ්ඩාර පමණක් ලකුණු 36 ක් ලබා ගත්තේය. සෙසු සියල්ලන් අතරින් කලන පෙරේරා (24) හැරුණු කොට සෙසු කිසිවකුට ලකුණු 20 සීමාවට  පැමිණිමට නොහැකි විය. ළහිරු සමරකෝන් විසින් පළමු කඩුල්ල ලෙස සිතාර ගිම්හාන් ලකුණු 20 කදී දැවී යෑමෙන් පසු කලම්බු පිලට යළි හිස එසවිය නොහැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී නායකමිනෝද් භානුක මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 19 කදී දැවී ගියද පසුව පිටියට පැමිණි පිතිකරුවෝ ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළහ. ඒ අතරින් කැපී පෙනුනු පවන් රත්නායක පන්දු 53 කදී ලකුණු 51 ක් ලබා ගත්තේය. හයේ පරකින් සහ හතරේ පහර 7 ක් රත්නායකගේ ඉනිමට ඇතුළත් විය. ඔහුට අමතරව ලසිත් අබේරත්න ලකුණු 30 ක් ලබා ගනිද්දී සොනාල් දිනූෂ පන්දු 21 කදී ලකුණු හයේ  හරක් සහ හතරේ හර 3 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තේය.

කලම්බු පන්දුවාර 38 කදී ලකුණු 140 යි අෂේන් බණ්ඩාර 36, දුශාන් විමුක්ති 14, කලන පෙරේරා 24* ක්‍රිෂාන් සන්ජුල 18, හේෂාන් ප්‍රනාන්දු 19, අශාන් පියන්ජන් 20/6)

දඹුල්ල පන්දුවර 27.3 කදී කඩුලු 4 ක් දැවි ලකුණු 146 යි – (පවන් රත්නායක 51, අභිෂේක් ලියනාරච්චි 14, ලසිත් අබේරත්න 30, සොාල් දිූෂ 29*, රනිත ලයනාරච්චි 11*)

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee