slc
logo
Home   |    News
මාර්තු 14, 2023
දඹුල්ල පිට පිට දෙවැනි ජයත් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල පිල අද සමත් වූවේය. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් – දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල ලකුණු 62කින් ගෝල් පිල පරාජය කිරීමට සමත් වූවේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ඕවර් 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 233ක් වාර්තා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් පිල ඕවර් 35.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 171කට සීමා විය. ගෝල් පිලේ පිතිකරුවන් 6ක්ම ලකුණු 9 සීමාව පසු කිරීමට ඉඩ නොදුන් දඹුල්ල පිලේ යොදාගත් සියලුම පන්දු යවන්නන් කඩුලු ලබාගෙන තම යුතුකම් කොටස මැනවින් ඉටුකළ අතර, නුවන් තුෂාර හා අශාන් ප්‍රියංජන කඩුලු 2 බැගින් බිදහෙලීමට සමත් විය.

දඹුල්ල පිලේ පළමු කඩුල්ලට ලකුණු 52ක සම්බන්ධතාවක් ගොඩනැගූ අභිෂේක් ලියනාරච්චි හා මිනෝද් භානුක හොද ආරම්භයක් ලබාදෙමින් සිටියදී මිනෝද් භානුක ලකුණු 36කට දැවී ගිය අතර රනිත් ලියනාරච්චි වැඩිම ලකුණු ප්‍රමාණය කණ්ඩායමට එක් කරමින් පන්දු 93කදී හතරේ පහර 8ක් සමග ලකුණු 69ක් වාර්තා කළේය. මැද පෙළ ශක්තිමත් කළ වනිදු හසරංග පන්දු 29කදී දැවැන්ත හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වූවේය.

ගෝල් පිලේ පළමු කඩුල්ල ලකුණු එකේදී දවා ගැනීමට නුවන් තුෂාර සමත් වූ අතර, ලකුණු බිංදුවේදී ධනංජය ලක්ෂාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. අනතුරුව දෙවැනි කඩුල්ල ලකුණු 17දී දැවී යෑම ගෝල් පිලට විශාල පසු බැසීමක් විය. ලකුණු 9ක් ලබා සිටියදී ලක්ෂාන් එදිරිසිංහගේ කඩුල්ල දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත් වූවේය. ගෝල් මුල් කඩුලු 5ක් ලකුණු 65කට දැවී ගොස් තිබියදී දුනිත් වෙල්ලාලගේ හා විෂාද් රන්දික 6වැනි කඩුල්ලට ලකුණු 43ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 38කට දැවී ගිය අතර, විෂාද් රන්දික ලකුණු 19ක් වාර්තා කළේය. සුමින්ද ලක්ෂාන් ලකුණු 17කින් හා කවිෂ්ක අංජුල ලකුණු 27කින් දායකත්වය සැපයීය.

දඹුල්ල – සියළු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 49.2)අභිෂේක් ලියනාරච්චි 15, මිනෝද් භානුක 36, පවන් රත්නායක 14, රනිත් ලියනාරච්චි 69, වනිදු හසරංග 43, ලක්ෂාන් සඳකැන් 20,දිල්ෂාන් මධුසංඛ 40/1, කවිෂ්ක අංජුල 38/2, මහේෂ් තීක්ෂණ 56/2, දුනිත් වෙල්ලාලගේ 40/1, සුමින්ද0 ලක්ෂාන් 37/2, ධනංජය ලක්ෂාන් 15/1

ගෝල් – කඩුලු 9කට ලකුණු 171යි (ඕවර් 35.5)සොහාන් ඩී ලිවේරා 26, දුනිත් වෙල්ලාලගේ 38, විෂාද් රන්දික 19, සුමින්ද ලක්ෂාන් 17, කවිෂ්ක අංජුල 27 (නුවන් තුෂාර 23/2, ළහිරු සමරකෝන් 30/1, රනිත ලියනාරච්චි 14/1, අශාන් ප්‍රියංජන 22/2, වනිදු හමසරංග 17/1, දුෂාන් හේමන්ත 32/1, ලක්ෂාන් සඳකැන් 27/1

තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අතින් තරගයේ වීරයා වූ රනිත ලියනාරච්චි සම්මානය ලබා ගත් අවස්ථාව.

 

 

 

 

 

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

USD United States (US) dollar