slc
Home   |    News
මාර්තු 3, 2023
දඹුල්ල ලකුණු 177 කින් ඉදිරියට

sinhala editor

By Chamila Karawita

ලකුණු 61 ක පළමු ඉනිමේ වාසිය සමඟින් නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් පිලට එරෙහි අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (03 දා) තරගය නිමා කරන විට ලකුණු 177 කින් දෙවැනි ඉනිමේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය. දඹුල්ල කණ්ඩායම එසේ ඉදිරියට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත දරාගෙනය.

දිනය නිමා වන විටත් පන්දුවාර 44 කට ක්‍රීඩා කර තිබූ දඹුලු කණ්ඩායම කඩුලු 4 කට ලකුනු 116 ක් ලබා සිටියි. දෙවැනි දිනට තරගය නිමා කරන විට අශාන් ප්‍රියන්ජන් හතරේ පහර 5 ක් සමඟ ලකුණු 34 ක්ද සොනාල් දිනූෂ හතරේ පහර 7 ක් සමඟ ලකුණු 51 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 26 කට කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී දෙවැනි දිනය ඇරැඹූ ගෝල් කණ්ඩායමට පැතුම් කුමාරගේ සටන්කාමී ලකුණු 78 ක ඉනිමත් සමඟ තවත් ලකුණු 161 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. පැතුම් සිය කණ්ඩායම ගොඩ දමන ලද්දේ උදෑසනම දැවී ගිය කඩුලු 2 ද සමඟ ලකුණු  පුවරුව කඩුලු 6 කට ලකුනු 39 ක්ව සටහන්ව තිබියදීය.

අවසන් පූර්ව තරගයේදී වටිනා ශතකයක් වාර්තා කළ යුද හමුදා පිල නියෝජනය කරනු ලබන පැතුම් කුමාරට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක සූමින්ද ලක්ෂාන් (41) 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් එක් කළහ. දඹුල්ල ඉනිමට වටිනාකමක් එක් කරන ලද පැතුම්ගේ අර්ධ ශතකය සඳහා ඔහු පන්දු 120 කට මුහුණ දුන් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සුමින්ද ලබා ගත් ලකුණු 41 සඳහා පන්දු 60 කට මුහුණ දී තිබුනේ ඉන් වතාවන් 3 ක් පන්දුව හතරේ සීමාවට යොමු කරමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 120 ක්ව තිබියදී සොනාල් දිනූෂ විසින් ලක්ෂාන්ව දවා ගැනීමෙන් අනතුරුව පසු පෙළින් ඉනිමට පණ පෙවුවේ වේග පන්දු යවන කවිශ්ක අංජුලය. ඔහු අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස රැස් කරන ලද ලකුණු 26 ද වටිනාකම කියා නිම කළ නොහැක.

පළමු දිනයේ පරිදිම දැඩි අභියෝගයක් දුන් වනිඳු හසරංග අද දිනයේ තවත් කඩුලු 2 ක් දවා ගනු ලැබුවේ තම පන්දුවාර 17.2 ක නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 64 කට කඩුලු 4 ක් සටහන් කර ගනිමිනි.

අද දිනයේ පළමු කඩුල්ල දවා ගන්නා ලද්දේ වේග පන්දු යවන ළහිරු සමරකෝන් විසිනි. හෂාන් දුමිඳුව දවා ගත් ළහිරු ඉන් නොනැවතී පසිඳු සූරියබණ්ඩාරවද දවා ගනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්ව තිබියදීය. ළහිරු තම පන්දු යැවීම ලකුනු 42 කට කඩුලු 3 ක් ලෙස සටහන් කර ගනිද්දී සොනාල් දිනූෂ ලකුනු 32 කට කඩුලු 2 ක් දවා ලීමට සමත්විය.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest