slc
logo
Home   |    News
මාර්තු 4, 2023
දඹුල්ල සිව්දින කුසලාන ආසන්නයට

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින අවසන් මහ තරගයේ පළමු ඉනිමේ ලද ලකුණු 61 ක වාසියට අමතරව තුන්වැනි දිනය වන අද (04 දා) දිනයේදීද සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 196 ක් රැස් කළ දඹුල්ල පිතිකරුවෝ හැකි නම් ලබා ගන්නා ලෙස ගෝල් කණ්ඩායම හමුවේ ලකුණු 258 ක අභියෝගයක් ලබා දුන්හ.

එතැනින් නොනැවතුණු දඹුලු පන්දු යවන්නෝ තේ පානය සඳහා තරගය නිමා කරන විට යවන ලද පන්දුවාර 23 ඇතුළතදී ප්‍රතිවාදී ගෝල් කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 93 ක් ඇතුළත බිඳ දමමින් පූර්ණ තරග ජයග්‍රහණයක් ආසන්නයට පැමිණීමටද සමත්ව සිටියහ. ගෝල් පිලට මෙම තරගය ජය ගැනීමට නම් තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුනු 165 ක් ලබා ගත යුතු වන අතර ඒ සඳහා වර්ෂාවෙන් බාධා නොමැති වුවහොත් හෙට දිනයම ඉතිරිව තිබේ.

තේ පානය සදහා ප.ව. 2.40 ට තරගය තාවකාලිකව නතර කර දමා තිබියදී ගාල්ල ක්‍රීඩාංගණයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය යළිත් ආරම්භ කිරීමට විනිසුරුවන් ට නොහැකි විය. විටින් විට ඇද හැළුණු වර්ෂාව නිසා තෙවැනි දිනය ප.ව. 4.00 වන විට අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් වන විට මුල් කඩුලු 3න් කඩුලු 2 ක් දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත්විය. තම දෙවැනි පන්දුවාරයේදී ආක්‍රමණය ආරම්භ කළ ළහිරු පළමුව සොහාන් ඩි ලිවේරා (17)ද පසුව  සංගීත් කුරේ ගේ (01) කඩුලු දවා ගනිමින් ගෝල් පිලේ දිගු හඹා යෑමේ බලාපොරොත්තු බිද දැමීය. මුලු ලකුණු සංඛ්‍යාව 51 ක් තිබියදී පසිඳු සූරියබණ්ඩාරව දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීමත් සමඟ ගෝල් පිල තවත් අසරණත්වයට පත්විය.

කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට හෂාන් දුමිඳුට එක්වූ පැතුම් කුමාර කඩා වැටුණු ඉනිම බේරා ගැනීමට උත්සාහ ගත්ද නැවතත් පැමිණි ළහිරු සමරකෝන් ඊට හරස්විය. ඒ හෂාන් දුමිඳුව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කර ගැනීමෙනි. සිය අන්තය ආරක්ෂා කරගත් පැතුම් කුමාර පන්දු 44 කදී ලකුණු 26 ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 04 ක් ලබා සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (04 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටිති.

ලකුණු 116 කට කඩුලු 4 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කල දඹුලු කන්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 10 ක් ඇතුළත දවා ගැනීමට‌ වේග පන්දු යවන්නන් වූ මොහොමඩ් ශිරාස් සහ අසංක මනෝජ් සමත්වූහ. ඒ අතරින් අද දිනයේ දැවී ගිය සිව්වැනි පිතිකරුවා වූ චමිදු විජේසිංහගේ කඩුල්ල දවා ගත් මොහොමඩ් ශිරාස් ඒ වන විටත් දැවී ගොස් තිබූ කඩුලු 8 න් 5 කටම හිමිකම් කීවේය. ඊට අමතරව අසංක මනෝජ් ලකුණු 40 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

ලකුණු 124 කට කඩුලු 4 ක් තිබූ දඹුලු ඉනිම එක වරම ලකුණු 134 කට කඩුලු 8 ක් ලෙසින් අසීරුතත්ත්වයකට පත්ව සිටියදී පිටියට පිවිසි අංක 10 පිතිකරු රනිත ලියනාරච්චි දමුලු දෙවැනි ඉනිම ලකුණු 200 ආසන්නයට රැගෙන යෑමට මුලසුන ගත්තේය. පන්දු 58 කදී ලකුණු 45 ක් ලබා ගත් වමත් හැඩි දැඩි පිතිකරුවා ළහිරු සමරකෝන් සමඟ 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 72.1 කදී ලකුණු 248 යි.

ගෝල් පළමු ඉනිම පන්දුවාර 53.2 කදී ලකුනු 187 යි.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee