slc
Home   |    News
මාර්තු 23, 2023
දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට

sinhala editor

නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය තවදුරටත් රැ‌ක ගැනීමට සමත්ව සිටියි.

පළමුව පන්දුවට පහර දුන් දඹුලු කණ්ඩායම පන්දුවාර 48.1 කදී ලකුණු 233 කට සීමා කිරීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ඉලක්කය හඹා යෑමේදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර එහිදී ඔවුනට ලකුණු 226 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ඔවුනට පන්දුවාර 25 කදී රැස්කරගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් පමණි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් කසුන් අබේරත්න පමණක් ප්දු 66 කට මුහුණ දී ලකුණු 52 ක් වාර්තා කරගත් අතර සෙසු කිසිවකුටත් ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට දඹුලු පන්දු යවන්නෝ ඉඩ‌ නොතැබූහ. පන්දු යැවීමේදී ළහිරු සමරකෝන්, සොනාල් දිනූෂ සහ රනිත ලියනාරච්චි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පන්දුවට පහර දීමේදී නම් දැරූ කිසිදු පිතිකරුවකුට කැපී පෙනන දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවිය. කෙසේ වෙතත් අංක 9 පිතකිරුවාගේ ස්ථානයෙන් පිටියට පිවිසි ළහිරු සමරකෝන් පන්දු 43 කදී ලකුණු 66 ක් වාර්තා කරමින් දඹුලු පිල සැනසිලිදායකත තත්ත්වයක් රැගෙන ආවේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

දඹුල් කණ්ඩායමේ 8 වැනි කඩුල්ලත් ලකුණු 162 දී බිඳ වැටුණු නමුත් ලක්ෂාන් සඳකැන්ට එක් වූ ළහිරු සමරකෝන් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 64 ක් රැස් කරමින් දඹුලු කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සි තලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත් අතර ශිරාන් ප්‍රනාන්දු සහ රවිදු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.  තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ළහිරු සමරකෝන් සම්මාන දිනාගත්තේය.

දඹුල්ල පන්දුවාර 48.1 කදී ලකුණු 233 යි – (අභිෂේක් ලියනාරච්චි 18, මිනෝද් භානුක 15, පවන් රත්නායක 26, ලසිත් අබේරත්න 17, රනිත ලියනාරච්චි 17, අෂාන් ප්‍රියන්ජන් 24, දුශාන් හේමන්ත 10, සොනාල් දිනූෂ 20, ළහිරු සමරකෝන් 66, ලක්ෂාන් සඳකැන් 09, ජෙෆ්රි වැන්ඩර්සි 42/3, රවිඳු ්‍රනාන්දු 30/2, ශිරාන් ප්‍රනාන්දු 50/2)

ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 25 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (නවෝද් පරණවිතන 11, කසුන් අබේරත්න 52, රවිඳ්‍ර ප්‍රනාන්දු 11, ජෙෆ්රි වැන්ඩර්සි 12, ළහිරු සමරකෝන් 26/2, සොනාල් දිනූෂ 30/2, රනිත ලියනාරච්චි 10/2)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest