slc
Home   |    News
මාර්තු 25, 2023
ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

sinhala editor

නවසීලන්තයට එරෙහිව ක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක වේග පන්දු යවන්නකු ලෙසින් තුන් ඉරියව් චාමික කරුණාරත්නද සමග වේග පන්දු යවනනන් සිවුදෙනෙකු සමඟින් අවතීර්ණව සිටීම විශේෂත්වයකි.

අද තරගයේදී නැවතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණ සිටියි. ඔහු වර්ණ ඇඳුමින් වූ ඇඟලුම් ලා ගනිමින් තරගයකට සහභාගිවනු ලබන්නේ වසර 2 කට ආසන්න කාලයකින් පසුව වීම විශේෂත්වයකි. මැතිව්ස් කණ්ඩායමට පැමිණීමත් සමඟ නායක දසුන්ට තවත් වේග පන්දු යවන්නකුගේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ අවස්තාව උදාවී තිබේ.

ඩිල්ෂාන් මදුශංක, ළහිරු කුමාර සහ කසුන් රජිත ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරද්දී, චාමික කරුණාරත්න සහ දසුන් ශානකද අතිරේක වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කරති. චාමික කරුණාරත්නව අවසන් 11 දෙනා අතරට කැඳවීම නිසා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට ස්ථානය අහිමිව තිබේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලියට යැවීමට නවසීලන්ත කලමනාකාරීත්වය තීරණය කිරීම නිසා කණ්ඩායම මෙහෙයවනු ලබන‌ ටොම් ලේතම් සදහන් කර සිටියේ අද තරගයේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු මංගල එක්දින වරම් ලබනු ඇති බවයි. චැඩ් බෝව්ස් සහ රාෂින් රවින්‍ද්‍ර ඔවුන් දෙදෙනා වෙති. අද දිනයේ එක්දින වරම් දිනාග් චැඩි බෝව්ස් මීට පෙර දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් 2012 යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගිව ඇති ක්‍රීඩකයෙකි. ඔහුගේ යටතේ කුවින්ටන්ඩි කොක් සහ තෙයුනිස් ඩි බෘයින් ක්‍රීඩා කර තිබේ.

මෙම තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත එක්දින තරග 3 ම ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදසූකම් ලබා ගැනීම සඳහා වන සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 107 දක්වා ඉහළ දමා ගැනීමට අවස්ථාව උදාවනු ඇත. එහෙත් දකුණු අප්‍රිකානු පිලට තවත් එක්දින තරග 5 ක් ඉතිරිව තිබීමත් ඔවුන් ශ්‍රී ලංකාවට වඩා එක් ප්‍රසාද ලකුණකින් ඉදිරියෙන් සිටීමත් නිසා එළැඹෙණ ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන 8 වැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා අල්ප අවස්ථාවක්වීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව – 1. නුවනිඳු ප්‍රනාන්දු, 2. පැතුම් නිස්සංක, 3. කුසල් මෙන්ඩිස්, 4. චරිත් අසලංක, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. කසුන් රජිත, 10. ළහිරු කුමාර, 11. ඩිල්ෂාන් මදුශංක.

නවසීලන්තය – 1. ෆින් ඇලන්, 2. චාඩ් බෝව්ස්, 3. විල් යංග්, 4. ඩැරල් මිචෙල්, 5. ටොම් ලේතම් (නායක), 6. ග්ලෙන් පිලිප්ස්, 7. රාෂින් රවින්ද්‍ර, 8. හෙන්රි ශිප්ලේ, 9. ඉෂ් සෝධි, 10. මැට් හෙන්රි, 11. බ්ලෙයාර් තික්නර්.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest