slc
logo
Home   |    News
මාර්තු 28, 2023
අපරාජිතව බව රැක ගැනීමේ අවසන් සටන

sinhala editor

නවසීලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සහභාගිවීමට නියමිත දෙවැනි එක්දින තරගය  හෙට (28 වැනිදා) ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගයේ ලද පරාජයත් සමඟ තරගාවලියට යළි අවතීර්ණවීමේ බලාපොරොත්තු ඇතිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයගතහොත් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සමත්වන්නේය.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම ගැටලුව වන්නේ හැග්ලි පිටියේදී ශ්‍රී ලංකා පිල මෙතෙක් සහභාගිව ඇති එක්දින තරග 4 ම පරාජයට පත්ව තිබීමය.

පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන මෙම තරඟාවලියේ පළමු තරගයේ දී ලද පරාජය ශ්‍රී ලංකාව ප්‍රබල බාධකයකි.

එමෙන්ම ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගිවූ එක්දින තරග 2 දීම ලකුණු 80 කට අඩුවෙන් සීමාවීම නිසා තරගාවලියේ තවදුරටත් අපරාජිතව පසුවීමට නම් හෙට තරගයේදී පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අනිවාර්යය වනු ඇත.

ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංග පළමු තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා හෙට තරගයේදී ඔහුට ස්ථානයක් වෙන්වේද යන්න ගටලු සහගතය. එබැවින් දඟ පන්දු යවන්නාගේ වගකීම ධනංජය ද සිල්වා හට හිමිවීමේ බොහෝ ඉඩ කඩක් හෙට තරගයේදී විවර වන්නේය. එම තරගයේදී වනිඳු හසරංග විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 67 ක් ප්‍රතිවාදීන් ලබා ගන්නා ලද්දේ එකම කඩුල්ලක් හෝ ඔහුගේ නම ඉදිරියෙන් ලබා නොදෙමිනි.

පළමු තරගය සඳහා ක්‍රීඩා කරන ලද නවසීලන්ත කණ්ඩායම හෙට දිනයේදී වෙනස්කම් දෙකක් සමඟින් අවතීර්ණවනු ඇත්තේ ග්ලෙන් පිලිප්ස් සහ ෆින් ඇලන් දෙදෙනාම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට නියමිත බැවිනි. ඒ වෙනුවට හෙන්රි නිකොලස් සහ මාර්ක් චැප්මන් කණ්ඩායමට එකතුවීමට නියමිතව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee