slc
logo
Home   |    News
මාර්තු 9, 2023
දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

sinhala editor

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය.

අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ දී අවසාන පූර්ව තරගය නිම වන විට ලකුණු 448ක් ලබා සිටියේ ශතක දෙකක් සහ අර්ධශතක තුනක් සමගය.  කැන්ඩි කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවූයේ නම් මීට වඩා ඉදිරියට ඒමේ හැකියාව තිබිණ.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන අහන් පාසල් වියේදීම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් විණි.  තිළිණ කන්ඩම්බි සහ ජෙහාන් මුබාරක්, අහන් වික්‍රමසිංහගේ පුහුණුකරුවන් වූ අතර පාසල් දිවියෙන් පසුව වසර තුනක්ම එකදිගට නියෝජනය කළේ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්. සී. සී. ක්‍රීඩා සමාජයයි.

කණ්ඩායමේ කඩුලු රකින්නා සහ අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසෙන අහන් පන්දුවට පහරදීමේ දී වඩාත්ම කැමැත්තක් දක්වන්නේ දඟපන්දු යවන්නන්ට මුහුණ දී පහසුවෙන් ලකුණු රැස්කිරීම යැයි ද පවසයි.

“නැෂනල් සුපර්ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂම පිතිකරුවන් සහ පන්දු යවන්නන් සියල්ලම සහභාගි වනවා.  එවැනි තරගාවලියක දක්ෂතම පිතිකරුවීම සතුටට කරුණක්” යැයි අහන් වික්‍රමසිංහ පවසයි.

ඔහුගේ ඉදිරි අනාගත සැලසුම් පිළිබඳව අහන් ප්‍රකාශ  කළේ මේ දිනවල පවතින අවුරුදු 23න් පහළ තරගාවලියේදීත් දස්කම් පෙන්වා ශ්‍රී ලංකා ‘ඒ’ හෝ එමර්ජින් කණ්ඩායම් නියෝජනය කිරීමේ වරමට අවස්ථාව උදාකර ගැනීම වන බවයි.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee