slc
logo
Home   |    News
මාර්තු 3, 2023
දඹුල්ල ලකුණු 177 කින් ඉදිරියට

sinhala editor

By Chamila Karawita

ලකුණු 61 ක පළමු ඉනිමේ වාසිය සමඟින් නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් පිලට එරෙහි අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (03 දා) තරගය නිමා කරන විට ලකුණු 177 කින් දෙවැනි ඉනිමේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය. දඹුල්ල කණ්ඩායම එසේ ඉදිරියට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත දරාගෙනය.

දිනය නිමා වන විටත් පන්දුවාර 44 කට ක්‍රීඩා කර තිබූ දඹුලු කණ්ඩායම කඩුලු 4 කට ලකුනු 116 ක් ලබා සිටියි. දෙවැනි දිනට තරගය නිමා කරන විට අශාන් ප්‍රියන්ජන් හතරේ පහර 5 ක් සමඟ ලකුණු 34 ක්ද සොනාල් දිනූෂ හතරේ පහර 7 ක් සමඟ ලකුණු 51 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 26 කට කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී දෙවැනි දිනය ඇරැඹූ ගෝල් කණ්ඩායමට පැතුම් කුමාරගේ සටන්කාමී ලකුණු 78 ක ඉනිමත් සමඟ තවත් ලකුණු 161 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. පැතුම් සිය කණ්ඩායම ගොඩ දමන ලද්දේ උදෑසනම දැවී ගිය කඩුලු 2 ද සමඟ ලකුණු  පුවරුව කඩුලු 6 කට ලකුනු 39 ක්ව සටහන්ව තිබියදීය.

අවසන් පූර්ව තරගයේදී වටිනා ශතකයක් වාර්තා කළ යුද හමුදා පිල නියෝජනය කරනු ලබන පැතුම් කුමාරට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක සූමින්ද ලක්ෂාන් (41) 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් එක් කළහ. දඹුල්ල ඉනිමට වටිනාකමක් එක් කරන ලද පැතුම්ගේ අර්ධ ශතකය සඳහා ඔහු පන්දු 120 කට මුහුණ දුන් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සුමින්ද ලබා ගත් ලකුණු 41 සඳහා පන්දු 60 කට මුහුණ දී තිබුනේ ඉන් වතාවන් 3 ක් පන්දුව හතරේ සීමාවට යොමු කරමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 120 ක්ව තිබියදී සොනාල් දිනූෂ විසින් ලක්ෂාන්ව දවා ගැනීමෙන් අනතුරුව පසු පෙළින් ඉනිමට පණ පෙවුවේ වේග පන්දු යවන කවිශ්ක අංජුලය. ඔහු අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස රැස් කරන ලද ලකුණු 26 ද වටිනාකම කියා නිම කළ නොහැක.

පළමු දිනයේ පරිදිම දැඩි අභියෝගයක් දුන් වනිඳු හසරංග අද දිනයේ තවත් කඩුලු 2 ක් දවා ගනු ලැබුවේ තම පන්දුවාර 17.2 ක නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 64 කට කඩුලු 4 ක් සටහන් කර ගනිමිනි.

අද දිනයේ පළමු කඩුල්ල දවා ගන්නා ලද්දේ වේග පන්දු යවන ළහිරු සමරකෝන් විසිනි. හෂාන් දුමිඳුව දවා ගත් ළහිරු ඉන් නොනැවතී පසිඳු සූරියබණ්ඩාරවද දවා ගනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්ව තිබියදීය. ළහිරු තම පන්දු යැවීම ලකුනු 42 කට කඩුලු 3 ක් ලෙස සටහන් කර ගනිද්දී සොනාල් දිනූෂ ලකුනු 32 කට කඩුලු 2 ක් දවා ලීමට සමත්විය.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee