slc
logo
Home   |    News
මාර්තු 11, 2023
දසුන්ගේ කලම්බු පරදා මිනෝද්ගේ දඹුල්ල ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා ක‍ළේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු කොටගත් කළම්බු පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර කළම්බු ක්‍රීඩකයෝ සියළු දෙනා ලකුණු 195කට දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය අශාන් ප්‍රියංජන පන්දු 71කදී හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 50ක් වාර්තා කළ අතර, දුශාන් හේමන්ත පන්දු 46කදී හතරේ 3ක් සමග නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. ලසිත් අබේරත්න ලකුණු 32කින් හා අභිෂේක් ලියනාරච්චි ලකුණු 24කින් දඹුල්ල ජයග්‍රහණයට දායකත්වය ලබා දෙද්දී පවන් රත්නායක ලකුණු 23ක් එක් කළේය.

කළම්බු පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 1ක් ලබා සිටියදී දවා ගැනීමට දඹුල්ල ආරම්භක වේග පන්දු යවන ළහිරු සමරකෝන් සමත් වූ අතර, එවිට ලකුණු පුවරුව ලකුණු 2ක් වී තිබිණි.

කළම්බු පිලේ වැඩිම ලකුණු ලබාගත් දසුන් ශානක හා අශේන් බණ්ඩාර පිළීවෙලින් පන්දු 50කදී හා පන්දු 41කදී හතරේ පහර 3 බැගින් එල්ල කොට ලකුණු 35 බැගින් ලබාගත්හ. කළම්බු පිලේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 39කදී හතරේ පහර 3ක් සමග ලකුණු 29ක් ලබාගත් අතර, අවසන් කඩුල්ලට ලකුණු 26ක් එක් කළ ඉසිත දේව් විජේසුන්දර පන්දු 29කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලපකුණු 24ක් ලබා ගැනීම හැර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අටේ සීමාවෙන් ඉහළට පැමැණීමට දඹුල්ල පිලෙන් ඉඩක් නොළැඹුණි.

දඹුල්ල පිලේ ලක්ෂාන් සඳකැන් කඩුල් 3ක් දවාගත් අතර, ළහිරු සමරකෝන් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

තරගයේ වීරයා – අෂාන් ප්‍රියන්ජන

කළම්බු – සියළු දෙනා දැවී ලකුණු 195යි (ඕවර් 40.4)
කුසල් ජනිත් පෙරේරා 29, නිපුන් ධනංජය 26, දසුන් ශානක 35, අශේන් බණ්ඩාර 35, කවිදු නදීෂාන් 18, ඉසිත දේව් විජේසුන්දර 24 (නුවන් තුෂාර 33/1, ළහිරු සමරකෝන් 33/2, රනිත ලියනාරච්චි 19/1, අශාන් ප්‍රියංජන 17/1, දුෂාන් හේමන්ත 37/2, ලක්ෂාන් සඳකැන් 53/3)

දඹුල්ල – කඩුලු 6ක් දැවී ලකුණු 197යි (ඕවර් 43.3)
අභිෂේක් ලියනාරච්චි 24, පවන් රත්නායක 23, අශාන් ප්‍රියංජන නොදැවී 50, දුශාන් හේමන්ත නොදැවී 41 ලසිත් අඹේරත්න 32, රනිත් ලියනාරච්චි 11 ( නුවන් ප්‍රදීප් 5/1, දසුන් ශානක 40/1, නිපුන් ධනංජය 16/1 තරිදු රත්නායක 37/ 3)

තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අතින් අශාන් ප්‍රියන්ජන් තරගයේ වීරයා සම්මානය ලබාගනිමින්

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee