slc
logo
Home   |    News
මාර්තු 29, 2023
ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් අහිමිවිය.

තරග මාලාවේ කොනදේසිවලට අනුව කණ්ඩායමක තරගයක නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකි සෑම අවස්ථාවකම එක් පන්දුවාරයකට දඬුවම් ලකණ බැගින් අහිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකා පිලට එම වටිනා ලකුණු අහිමිවිය.

තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරන ලද ජෙෆ් ක්‍රෝ මහතා විසින් මේ තීරණය ගෙන තිබේ. මීට අමතරව ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාව විසින් පනවා තිබෙන චර්යාධර්ම සංග්‍රහය කඩවීම නිසා එම ප්‍රසාද ලකුණ අහිමිවීමට අමතරව ක්‍රීඩකයින්ට සිය තරග මුදලින් 20% ක දඩයක්ද ගෙවීමට ඔහු නියෝග කර තිබේ.

පිටියේ විනිසුරුවරුන් විසින් ගොනු කරන ලද චෝදනා අනුව මේ පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කර තිබෙන අතර එහිදී දසුන් ශානක විසින් වරද පිළිගැනීම නිසා වැඩි දුරට විභගයකින් තොරවම විමර්ෂනය අවසන් කර තිබේ. මෙම ලකුණ අහිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 81 ක් ලෙසින් සටහන් වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest