slc
logo
Home   |    News
මාර්තු 29, 2023
ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් අහිමිවිය.

තරග මාලාවේ කොනදේසිවලට අනුව කණ්ඩායමක තරගයක නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකි සෑම අවස්ථාවකම එක් පන්දුවාරයකට දඬුවම් ලකණ බැගින් අහිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකා පිලට එම වටිනා ලකුණු අහිමිවිය.

තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරන ලද ජෙෆ් ක්‍රෝ මහතා විසින් මේ තීරණය ගෙන තිබේ. මීට අමතරව ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාව විසින් පනවා තිබෙන චර්යාධර්ම සංග්‍රහය කඩවීම නිසා එම ප්‍රසාද ලකුණ අහිමිවීමට අමතරව ක්‍රීඩකයින්ට සිය තරග මුදලින් 20% ක දඩයක්ද ගෙවීමට ඔහු නියෝග කර තිබේ.

පිටියේ විනිසුරුවරුන් විසින් ගොනු කරන ලද චෝදනා අනුව මේ පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කර තිබෙන අතර එහිදී දසුන් ශානක විසින් වරද පිළිගැනීම නිසා වැඩි දුරට විභගයකින් තොරවම විමර්ෂනය අවසන් කර තිබේ. මෙම ලකුණ අහිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 81 ක් ලෙසින් සටහන් වේ.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee