slc
logo
Home   |    News
මාර්තු 25, 2023
ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද (25 දා) ආරම්භ වුණු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන 8 වැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ ප්‍රසාද ලකුණු 10 අහිමිවිය.

ඕක්ලන්ඩ්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 275 ක ඉලක්කයක් තැබූ නමුත් එය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 76 කට සීමා කිරීමට හෙන්රි ශිප්ලි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. නවසීලන්ත පිල මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ ඔවුන් සතු හොඳම ක්‍රීඩකයින් ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට ගොස් සිටින වටපිටාවකදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ට පන්දුවාර 20 ක් වත් වැය නොවිණ. සිය සිව්වැනි එක්දින තරගයට සහභාගිවුණු හෙන්රි ශිප්ලි කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. වසර 4 කට පසුව නවසීලන්තය වෙනුවෙන් එක්දින තරගයකදී කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් කරගත් ශිප්ලි සිය පන්දු යැවීම ලකුණු 31 කට කඩුලු 5 ක් වශයෙන් සටහන් කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් තිදෙනකුට පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා යැ හැකි වූ අතර ඒ අතරින් දෙනෙකුම පන්දු යවන්නන් වීම විශේෂත්වයකි. චාමික කරුනාරත්න (11) සහ ළහිරු කුමාර (10) එම පන්දු යවන්නන් බවට පත් වද්දී වසර 2 කට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. නවසීලන්ත වේග පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් එම කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් කැඳවීමට මත්තෙන්ම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.5 කදී නිමා කිරීමට ඔවුහු සමත්වූහ.

නුවනිඳු ප්‍රනාන්දුගේ දුවද්දී දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. කඩුලු අතර දිව යෑමේදී වූ අනබෝධය හේතුවෙන් නුවනිඳු දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි කිසිවකුට සාර්ථක කඩුලු සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුවත්, නවසීලන්ත පිතිකරණ බල ඇණිය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය. වනිදු හසරංගව දැඩි ප්‍රහාරයකට ලක් කළ නවසීලන්ත පිතිකරුවෝ ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 67 ක් ලබා ගත්තේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි. සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට පිවිස සිටි චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් බිද දමා සිය එක්දින තරග දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත් වද්දී ළහිරු කුමාර සහ කසුන් රජිත කඩුලු 2 බැගින් බිද හෙලූහ.

මෙම පරාජයත් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුද මේ වන විට හැකිළී ගොස් තිබේ. ශ්‍රී ලංකාව ඊළඟ තරග 2 ම ජය ගත්තද ඔවුන්ගේ අනාගතය රඳා පවතිනුයේ දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ඉදිරි තරග වලදී ලබන ජය පරාජයන් වලට අනුවය.

නවසීලන්තය පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 274 යි – (ෆින් ඇලන් 51, චාඩ් බෝව්ස් 14, විල් යංග් 26, ඩැරල් මිචෙල් 47, ග්ලෙන් පිලිප්ස් 39, රෂින් රවීන්ද්‍ර 49, ඉෂ් සෝදි 10, චාමික කරුනාරත්න 43/3, ළහිරු කුමාර 46/2, කසුන් රජිත 38/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.5 කදී ලකුණු 76 යි – (ඇන්ජලෝ මැතිව්ස් 18, චාමික කරුණාරත්න 11, ළහිරු කුමාර 10, හෙන්රි ශිප්ලේ 31/5, ඩැරල් මිචෙල් 12/2, බ්ලෙයාර් තික්නර් 20/2

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee