slc
logo
Home   |    News
මාර්තු 4, 2023
ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පිතිහරඹයක

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙදින  පුහුණු තරගයේ පළමු දිනයේදී සාර්ථක පිතිහරඹ පුහුණුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ලින්කොන්හි පැවැත්වෙන මෙම තරග‌යේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 276 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත XI පිලට ලබා දුන්නේය.

නවසීලන්ත තණතීරුවලදී පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හරි හැටි අවබෝධයක් ලබා ගැනීමේ අදහස පෙරදැරිව ඉනිම අතර මඟ අත්හිටුවීමට තීරණය වී තිබේ. කෙසේ වෙතත් සිය පළමු ඉනිම ක්‍රියාත්මක වෙමින් පවතින නවසීලන්ත XI  පිල දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

කාලගුණ අනාවැකිවලට අනුව හෙට (05 දා) දිනය වර්ෂාව සහිත දිනයක් වන බවට පත්ව තිබීම නිසා අද තරගය තරමක් වේලාසනින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පළමු සැසිය මිනිත්තු 135 කුත්, දෙවැනි සැසිය මිනිත්තු 135 කුත් සහ අවසන් සැසිය මිනිත්තු 120 ක් වන සේ පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබෙන අතතුරදී වර්ෂාව ඇද හැළෙන සේයාවක් දැක ගැනීමට හැකිවීම නිසා ඉනිම අත්හිටුවා පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පිලට නොදෙවැනි සාර්ථක පිහිහරඹයක නියැළුණු නවසීලන්ත XI පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ‌බොයිල් ලකුණු 73 ක්සහ බූලා ලකුනු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති. දැවී ගිය කඩුල්ල ළහීරු කුමාර විසින් දවා ගන්නා ලදී.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථකම පිතිකරුවන් බවට පත්වීමට ඔෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා සමත්වූහ. නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 ක් ලබා සිටියදී දැවී යෑමෙන් අනතුරුව ඔෂධට එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කළහ. එම කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 199 කදී බිඳ දැමීමට නවසීලන්ත XI පන්දු යවන්නන් සමත් වද්දී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දෙමින් ඔෂධ මුලු ලකුණු සංඛ්‍යාව 205 ක්ව තිබියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත්විය. ඒ වන විටත් පන්දු 111 කට මුහුණ දී සිටි දකුණත් ආරම්භක පිතිකරුවා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුනු 78 ක් ලබා සිටියේය.

ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළි කුසල් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමඟින් ලබා ගත් ලකුණු 95 සදහා පන්දු 87 ක් පමණක් වැය කළේය. ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38 සහ 35 බැගින් ලබා ගත්හ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 57.3 කදී කඩුලු 4 කට ලකුනු 276 යි – (ඔෂධ ප්‍රනාන්දු 78, දිමුත් කරුනාරත්න 21, කුසල් මෙන්ඩිස්, 95, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 35)

නවසීලන්තය XI පළමු ඉනිම පන්දුවාර 38 කදී කඩුල්ලක් දැවී ලකුණු 141 යි – (බොයිල් 73*, කමිංග් 27, බූලා 37*,ළහිරු කුමාර 16/1)

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar