slc
logo
Home   |    News
මාර්තු 23, 2023
ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්

sinhala editor

අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත භාවය බිඳ දැමූ ඇෆ්ගනිස්තානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 298 ක් රැස් කරගත් නමුත් එය හඹා යෑමේදි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40.5 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 236 ක් පමණි.

අදාළ හඹා යෑමේදී පළමු කඩුලු 2 ම පළමු පන්දුවාරය ඇතුළත බිද වැටීම ශ්‍රී ලංකාවට බෙහෙවින් පාඩු ගෙන දෙන්නක් විය. පස්වැනි පන්දුවේදී හිරුන් කපුරුබණ්ඩාරව දවා ගත් යමා අරාබ් හය වැනි පන්දුවේදී දිනුර කලුපහනව දවා ගනිමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කර දුන්නේය.

ශ්‍රී ලංකා පිල සතු ප්‍රධානතම පිතිකරුවා වන ෂෙවෝන් ඩැනියල් ලකුණු 10 කට දැවී ගියද තම අන්තය ආරක්ෂා කරගත් පෙර තරගයේ ශතක ලාභී සිනෙත් ජයවර්ධන ලකුණු 41 ක් ලබා ගත්තේය. ඉදිරි පෙළ පිතිකරුවන් දක්වන ලද දුර්වලතාවය නිසා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 7 ම ලකුණු 115 ක් ඇතළත බිඳ වැටිණ. කෙසේ වෙතත් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි වි‌ශ්ව රාජපක්ෂ ලකුණු 45 ක් ලබා නොගන්නට ශ්‍රී ලංකා පිලට ලකුණු 200 සීමාව ඉක්මවාලීම සිහිනයක් වන්නට තිබිණ.

පසු පෙළින්  පන්දුවට  පහර දිමට පැමිණි දුවිඳු රණතුංග සහ ට්‍රෙවීන් මැතිව් දෙදෙනා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එහීදී පන්දු 51 කට මුහුණ දුන් දුවිඳ හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 46 ක් රැස් කරගත් අතර මැතිව් හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 34 ක් රැස් කළේ පන්දු 56 කට මුහුණ දෙමිනි.

ශ්‍රී ලංකා පිලට දැඩිම හසිරදයක් වූ පන්දු යවන්නා වූයේ යමා අරාබි වන අතර ඔහු ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගතතේය. පන්දුවට පහර දිමේදී මොහොමඩ් හරූන් සහ කලීඩ් තන්වාල් අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක් රැස් කළහ. එහිදී හරූන් පන්දු 59 කදී ලකුණු 88 ක් රැස් කළේ හයේ පහර 4 ක සහ හතරේ පහර 7 ක් සමගිනි. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් තනිවාල් පන්දු 45 කින් අර්ධ ශතකයක් වාර්තා ක‌ේය. ඊට අමතරව කම්රන් හොතාක් ලකුණු 43 ක් ලබා ගැනීම නිසා ඇෆ්ගනිස්තානු පිලට ලකුණු 300 ආසන්නයට යෑමට අවස්ථාව උදාවිය. පන්දු යැවිමේදී දකුණත් වේග පන්දු යවන දුවිඳු රණතුරංග ලකුණු 51 කට කඩුලු 4 ක් දවා ගත් අතර දිනුර කළුපහන කඩුලු 3 ක් දවා ගත්තේය.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 49.2 කදී ලකුණු 298 යි – (කලීද් තනිවාල් 45, කම්රන් හොතක් 43, මොහොමඩ් හරූන් 88, නුමන් ෂා 26, සොහෙල් ඛාන් 34, සුලිමාන් අර්බසායි 20, දුවිඳු රණතුංග 51/4, දිනුර කලුපහරන 52/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 40.5 කදී ලකුණු 236 යි – (සිනෙත් ජයවර්ධන 41, විශ්ව රාජපක්ෂ 45, දුවිඳු රණතුග 46, ට්‍රෙවීන් මැතිව් 34, හිරුන් කපුරුබණ්ඩාර 10, ෂෙවෝන් ඩැනියල් 10, යමන් අරාබ් 41/4, කලීල් අහමඩ් 55/3, කමරන් හොතක් 29/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar