slc
logo
Home   |    News
මාර්තු 2, 2023
NSL එක්දින තරගාවලියට කණ්ඩායම් නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය අවසන් වූ වහාම එහි එක්දින තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ඒ අනුව එම තරගාවලිය මාර්තු 11 වැනිදා මහනුවර පල්ලකැලේ සහ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී ආරම්භ වේ.

මේ සදහා තරග වදිනු ලබන කණ්ඩායම් මේ වන විටත් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එළැ‌ඹෙන 09 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා පෙර සූදානමක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වීමද විශේෂත්වයක් වේ.

මේ නිසාම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ද නම් කරන ලද කණ්ඩායම් 5 අතරට ඇතුළත්ව සිටිති. ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා සොයා ගැනීම මෙම තරගාවලිය පැවැත්වීමේ තවත් වක්‍රාකාර බලාපොරොත්තුවකි.

මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම දේශීය එක්දින තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලිය ලබන අප්‍රේල් මස 06 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත.

නවසීලන්තයට එරෙහි  ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවන ක්‍රීඩකයින් ඊට පෙර මෙම එක්දින තරගාවලිය ක්‍රීඩා කරමින් එක්දින තරග අංශයට අනුගතවීමේ හැකියාව උදාවන අතරම මාර්තු 21 වැනිදා අවසන් වන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන නායක දිමුත් කරුනාරත්න ඇතුළු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ද ඇතුළත්ව සිටිති.

මෙවර තරගාවලියේ පළමු අදියර මාර්තු මස 23 වැනිදා අවසන් වන අතර දෙවැනි අදියර මාර්තු මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස, එස්. එස්. සී. සහ පී. සරා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය ලබන අප්‍රේල් මස 06 වැනිදා විදුලි ආලෝක මධ්‍යයේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

නැෂනල් සුපර් ලීග් තරගාවලිය 2022 වසරේදී ආරම්භ කරන දුව එහි අභිනව එක්දින ශූරයින් ලෙස සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

කැන්ඩි කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, තනුක දාබරේ, සඳුන් වීරක්කොඩි, උදයවංශ පරාක්‍රම, ළහිරු උදාර, කසුන් අදිකාරි, මොවින් සුබසිංහ, අහන් වික්‍රමසිංහ, ප්‍රමුද් හෙට්ටිවත්ත, සහන් ආරච්චිගේ, තික්ෂිල ද සිල්වා, පුලින තරංග, අම්ෂි ද සිල්වා, නිම්සර අතරගල්ල, මතීෂ පතිරණ, නිපුන් රන්සික, ලසිත් ඇඹුල්දෙණිය, අෂේයින් ඩැනියල්, වනුජ සහන්, සචිඳු කොළඹගේ, පැතුම් නිස්සංක, ඔෂද ප්‍රනාන්දු,  නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, අතිරේක – රවීන් යසස්, ඉමේෂ් උදයංග, අසේල සිගේරා, සහන් අදීෂ, සචිත්‍ර පෙ‌රේරා, අවිඳු තීක්ෂණ

ජැෆ්නා කණ්ඩායම – රොන් චන්ද්‍රගුප්ත, නිශාන් මදුශ්ක, නවෝද් පරණවිතාන, දේශාන් ඩයස්, අවිශ්ක තරිඳු, සමින්ද ප්‍රනාන්දු, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, කමේෂ් නිර්මාල්, ළහිරු මදුශංක, රවිඳු ප්‍රනාන්දු, රවීන් ද සිල්වා, කවිඳු පතිරත්න, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, යසිරු රොද්‍රිගො, ජෙෆ්රි වැන්ඩර්සි, දිලුම් සුදීර, විජයකාන්ත් වියස්කාන්ත්, ශෂික දුල්ශාන්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා. ප්‍රමෝද් මදුශාන්,  අතිරේක – සුකිත මනෝජ්, මාධව වර්ණපුර, ඉසිවර දිසානායක, දමිත සිල්වා, සන්තුෂ් ගුණතිලක, ගීත් කුමාර, ශිරාන් ප්‍රනාන්දු, නිපුන් මාලිංග, රජීිව් වීරසිංහ, සංජුල බණ්ඩාර, කල්හාර සේනාරත්න

ගෝල් කණ්ඩායම – හේෂාන් දුමිදු, ලක්ෂාන් එදිරිසිංහ, අශාන් රන්දික, සංගීත් කුරේ, පසිඳු සූරියබන්ඩාර, සොහාන් ද ලිවේරා, විශාඩ් රන්දික, පැතුම් කුමාර, මොහොමඩ් ශමාස්, ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවීෂ අංජුල, සුමින්ද ලක්ෂාන්, දිනුක ඩිල්ෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, තිලංග උදේශාන්, මොහොමඩ් ශිරාස්, අකිල ධනංජය, නිමේෂ් විමුක්ති, ඇන්ජලෝ මතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, දුනිත් වේලාලගේ, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම. අතිරේක – අවිශ්ක පෙරේරා, තුලින ඩිල්ෂාන්, විනුර දුල්සර, කොෂාන් ධනුෂ්ක, කෞමාල් නානායක්කාර, ටී. විතූෂාන්.

දඹුල්ල කණ්ඩායම – සහන් ගුණසිංහ, අදීෂ නානායක්කාර, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, මිනෝද් භානුක, ඩිලාන් ජයලත්, අනුක් ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්, පවන් රත්නායක, ලසිත් අබේරත්න, ළහිරු සමරකෝන්, චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ, රනිත ලියනාරච්චි, නුවන් තුෂාර, දනාල් හේමානන්ද, නවීන් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, දුශාන් හේමන්ත, අරවින්ද ප්‍රේමරත්න, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්. අතිරේක – ලියෝ ෆ්‍රැන්සිස්කෝ, සහන් කෝසල, සොනාල් දර්ශික, චලන ද සිල්වා

කලම්බු කණ්ඩායම – අවිශ්ක ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියල්, හේෂාන් ධනුෂ්ක, නිපුන් ධනංජය, ක්‍රිෂාන් සංජුල, නිපුන් කරුණානායක, අෂේන් බණ්ඩාර, සිතාර ගිම්හාන්, රොෂේන් සිල්වා, දුශාන් විමුක්ති, කවිඳු නදීෂාන්, සචිත ජයතිලක, ඉසිත විජේසුන්දර, ඉසිත විජේසුන්දර, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, හිමේෂ් රාමනායක, තරිඳු රත්නායක, ලක්ෂිත මානසිංහ, ධනුෂ්ක සඳරුවන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් හානක, කසුන් රජිත, ප්‍රභාත් ජයසූරිය. අතිරේක – නවිඳු නිර්මාල, ප්‍රමෝද් මදුවන්ත, ඇන්ජලෝ ජයසිංහ, මනෝජ් සරත්චන්ද්‍ර, උදිත මදුශාන්, නලින් ප්‍රියදර්ශන.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee