slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2023
අයර්ලන්ත පිලේ අත්දැකීම් අඩුබව අපිට වාසියක් වුණා – දිමුත් කරුණාරත්න

sinhala editor

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්‍රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ.

මෙම තරගයේදී දිමුත් ඇතුලු ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින් පළමු ඉනිම සඳහා නකඩුලු 6 කට ලකුනු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280 ක ජයක් අත්කර ගත්තේය.

“අයර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීම අවතක්සේරු කරන්න බෑ. එයාලා හොඳට පන්දු යැව්වා. හැබැයි එයාලා කරපු එකම අවුල තමයි එයාලට ටෙස්ට් ක්‍රිකට් ගොඩක් ක්‍රීඩා කරලා නැති එක. එයාලට හරියට පන්දු රකින්නන් යෙදවීම, පන්දුව පතිත කළ යුතු සීමාවන්, ගැන එයාලට අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඔයාලට ගොඩක්ම සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රීඩාවට යොමු වෙලා තියෙන නිසා ඒ පන්දු රකිනන් යොදවන විදිය තමයි මේ තරගයකටත් යෙදෙව්වේ. මං හිතන්නේ ඒක තමයි අපිට පොඩ්ඩක් ලේසි වුණේ. ඒකත් එක්ක එක් ලකුණ බැගින් ගන්න ඒවා ලේසියෙන් ගන්න පුලුවන් වුණා. නමුත් මං හිතන්නේ ඒ නිසා තමයි අපිට මේ තරගය දින 3 ක් වැනි කාලයක් ඇතුළතදී ජයග්‍රහණය කරන්න පුලුවන් වුණේ” යැයි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් සඳහන් කර සිටියේය.

ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙන අවස්ථාවන්හි දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමේ ප්‍රව ප්‍රවණතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කරගැනීමට තමා අපේක්ෂාවෙන් පසුවනද ශ්‍රී ලංකා නායකයා මෙහිදී සදහන් කර සිටියේය.

“මේ ටෙස්ට් තරගයේ මුල් ඉනීමේ දී අපි පන්දුවට පහරදෙන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙද්දී මං ඔහුට කිව්වේ ඉක්මන් වැඩි වන අවස්ථා හෝ ඉවසීම බිඳ වැටෙනවා වගේ දැක්කොත් මට කියන්න කියලා. ඉතිං ඒ නිසා නිතරම අපි දෙන්නා ඒ ගන කතා කළා. ඒක නිසා තමයි අපිට දෙවැනි කඩුල්ලට දීර්ඝ ලකුනු සංඛ්‍යාවක්ට යන්න පුලුවන් වුණේ’ යැයිද දිමුත් සඳහන් කර සිටියේය.

ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ඔස්‌ට්‍රේලියා සහ පාකිස්තාන තරගාවලියේ මෙන්ම නවසීලන්ත තරගාවලියන්හිදී තමා අර්ධ ශතක ලබා ලකුණු අතරට පිවිසියත් ඒවා විශාල ලකුණු බවට පත්කර ගැනීමට අවස්ථාව උදා නොවූ බව කී දිමුත් කරුණාරත්න මේ සංචාරය ආරම්භයේ දී දිගු ඉනිම සිතෙහි තබාගෙන ක්‍රීඩා කළ බව සඳහන් කර සිටියේය.

දිමුත් මෙම තරගයේදී පන්දු 235 කට මුහුණ දී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත්වූයේ හතරේ පහර 15 ක්ද තම ඉනිමට ඇතුළත් කරමිනි.

එහෙත් කඩුල්ලේ රැදී සිටීම සඳහා වූ අධිෂ්ඨානය තමන් අතින් ගිලිහී යෑම නිසා ද්විත්ව ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාවද ගිලිහී ගිය බව දිමුත් සඳහන් කර සිටියේය.

ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන්ගෙන් තමා නිතර ඉල්ලා සිටියේ මූලික සිද්ධාන්තයන්ට ගරු කරමින් නියමිත ස්ථානයන්හි පන්දු පතිත කරන ලෙස බව කී දිමුත් කරුණාරත්න ඔවුන් එම වගකීම අකුරටම ඉටු කළ බවද සදහන් කර සිටියේය. මේ අතර කඩුලු රකින්නා ලෙස තරග වැදි සදීර සමරවික්‍රම පිතිහරඹයට අමතරව කඩුල්ල පිටු පස සිට ඉතා විශිෂ්ඨ මෙහෙවරක් නිරත වූ බව සඳහන් කළ දිමුත් ඒ පිළිබඳව තමා සතුටු වන බවද සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee