slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2023
නවසීලන්ත ක්‍රීඩකයෝ එකට එක කරති

sinhala editor

ත්‍රාසජනක සුපිරි පන්දුවාරයේ ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වුණු දෙවැනි විස්සයි-20 තරගයේදී අවසන් කඩුලු 6 ම ලකුණු 19 ක් ඇතුළත බිඳ වැටීම නිසා නවසීලන්තයට එරෙහිව ඩනෙඩින්හි පැවැති තරගයෙන් කඩුලු 9 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම ජයත් සමඟ තරගාවලිය 1-1 ක් වශයෙන් සම තත්ත්වයට පත් කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූවේය.

අනපේක්ෂිත මෙම කඩුලු බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 අවසන් වීමට එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ලකුණු 141 කට නිමාවට පත් කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙහිදී ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 5 ක්ම තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට ඇඩම් මිල්න් සමත්වූවේය.

ඉලක්කය හඹා යෑමේදී ලකුණු 142 ක් යනු නවසීලන්ත පිලට කිසි සේත්ම අභියෝගයක් එල්ල කළ නොහැකි ඉලක්කයක් වුවත්, ඉදිරියට පැමිණි කසුන් රජිත චැඩ් බෝව්ස්ගේ කඩුල්ල දවා ගත්තේය. එහෙත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ටිම් සීෆර්ට්ව නවතාලීමට කිසිදු පන්දු යවන්නකුට හැකියාවක් නොලැබිණ. හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟින් පන්දු 43 කදී ලකුණු 79 ක් ලබා ගැනීමට සීෆර්ට් සමත් වද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් නායක ටොම් ලේතම් පන්දු 30 කදී ලකුණු 20 ක් ලබා නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 15 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යැවූ ධනංජය ද සිල්වාට දැවැන්ත හයේ පහරක් එල්ල කළ සීෆර්ට් තරගය නිමා කරන ලද්දේ නවසීලන්තයට කඩුලු 9 ක ජයක් හිමිකර දෙමිනි.

නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන්  පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක පිතිකරුවන් දෙනොම ලකුණු 29 ක් ඇතුළත දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුණු කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල ස්ථාවර මට්ටමකට රැගෙන ආහ. 11 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2 කට ලකුණු 91 ක් ලබමින් පහසුවෙන්ම ලකුණු 180 සීමාව  පසුකරන තත්ත්වයක පසුවිය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 46 කදී ලකුණු 62 ක් විය.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරා අද දිනයේදී එතරම් ප්‍රාහාරාත්මක පිතිහරඹය නිරත නොවිණ. ඔහු මුහුණ දුන් පන්දු 32 කදී රැස් කරගෙන සිටියේ ලකුණු 35 ක් පමණි. ඔහුට වඩා වැඩි ප්‍රාහාරාත්මක වේගයක් රදවා ගත් ධනංජය ද සිල්වා මුහුණ දුන් පන්දු 26 න් පන්දු 2 ක් හයේ පහර ‌ලෙසින්ද පන්දු 3 ක් හතරේ පහර ලෙසින්ද ධනංජය හරවා යැවුවේ දැවී යෑමට මත්තෙන් ලකුණු 37 ක් ලබා ගනිමිනි.

මොවුන් දෙදනොම ලකුණු 8 ක් ඇතුළත දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීම ඇරැඹිණ.  12 වැනි පන්දුවාරයෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 50 ක් පමණක් වන අතර ඒ අතර කඩුලු 8 ක් බිද වැටිණ. 12 වැනි පන්දුවාරය අවසානයත් සමඟ ශ්‍රී ලංකා ඉනිම පන්දු 47 කදී අවසන් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පිලේ අනපේක්ෂිත කඩා වැටීම පිටුපස වගකිව යුතු ප්‍රධානම පන්දු යවන්නා වූයේ ඇඩම් මිල්න්ය. 19 වැනි පන්දුවාරය යැවීමට ඔහු පැමිණෙන විටෙත් චරිත් අසලංක පන්දු 19 කදී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය. එහෙත් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන් අසලංක දවා ගත් මිල්න් සිව්වැනි පන්දුවේදී ප්‍රමෝද් මදුශාන් සහ අවසන් පන්දුවේදී ඩිල්ෂාන් මදුශංකව දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම නවතා ලීය. තරගය නිමා වන විට මිල්න්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 4 කදී ලකුනු 26 කට කඩුලු 5 ක් ලෙසිනි.

ශ්‍රී ලංකාව පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි – (කුසල් පෙරේරා 35, ධනංජය ද සිල්වා 37, චරිත් අසලංක 24, කුසල් මෙන්ඩිස් 10, පැතුම් නිස්සංක 09, දසුන් ශානක 07, වනිඳු හසරංග 09, මහීෂ් තීක්ෂණ 00, ප්‍රමෝද් මදුශාන් 01, කසුන් රජිත 01*, ඩිල්ෂාන් මදුශංක 00, ඇඩම් මිල්න් 26/5, බෙන් ලිස්ටර් 26/2, හෙන්රි හිප්ලේ 25/1, රෂින් රවීන්ද්‍ර 24/1ථ ජේම්ස් නීෂම් 20/1)

නවසීලන්තය පන්දුවාර 14.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 146 යි – (ටිම් සීෆර්ට් 79, ටොම් ලේතම් 20*, චැඩ් බෝව්ස් 31, කසුන් රිත 25/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee