slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2023
බැල්බර්නි සහ ස්ටර්ලිංග් ශතක වලට කිට්ටු කරති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

දිවා ආහාරයෙන් පසු පිටියට පිවිසි ඇන්ඩි බැල්බර්නි සහ පෝල් ස්ටර්ලිංග් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන්හ. ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තේ පානය සදහා තරගය නිමා කරන විටත් අයර්ලන්ත ලකුණු පුවරුව තවත් ලකුණු 93 කින් ඉහළ දමා ගත්තේ කඩුලු 3 ට ලකුණු 199 ක් බවට පරිවර්තනය කරමිනි.

නායක්තවයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින බැල්බර්නිත් උප නායකයා වන ස්ටර්ලිංග් ශතක වලට ආසන්නව සිටිති. නායකයා සිය මංගල ශතකයට ලකුණු 10 ක් ඈතින් සිටිද්දී උප නායකයා සිය මංගල අර්ධ ශතකය වාර්තා කරගෙන සිටියි. තරගය නිමා කරන විට සටර්ලංග් පන්දු 129 කට මුහුණ දෙමින් ලකුණු 74 ක් ලබා සිටියි.

මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව 110කි. එම ලකුණු සංඛ්‍යාව අයර්ලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවයට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 4 කින් පමණි. කෙවින් ඔබ්‍රියන් සහ ස්ටුවර්ට් තොම්ප්සන් අතර 2018 වසරේදී පාකිස්තානයට එරෙහිව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කර ඇති ලකුණු 114 අයර්ලන්ත ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ‌ලෙසින් සටහන් වේ.

පන්දු යැවීම දෙස අවධානය යොමු කිරීමේදී ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අයර්ලන්ත පිතිකරුවන් හමුවේ දැනෙන බලපෑමක් සිදු කිරීමට අපොහොසත් වූහ. දෙවැනි සැසිය අතරතුරදී යවන ලද පන්දුවාර 30 න් පන්දුවාර 10 ක් ජයසුරිය විසින් ක්‍රියාත්මක කළද ඊට හොඳින් ප්‍රතිචාර දැක්වීමට ස්ටර්ලිංග් සහ බැල්බර්නි සමත්වූහ.

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම අයර්ලන්ත සැලසුම විය. විශ්ව ප්‍රනාන්දු විසින් යවන ලද තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවම ප්‍රබල ඉල්ලීමකින් ආරම්භ වුවද එය විනිසුරු කුමාර් ධර්මසේන නිෂ්ප්‍රභා කළේය.

පිටියේ විනිසුරුවරයාගේ තීරණයෙන් සෑහීමකට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එය අභියෝගයට ලක් නොකිරීමට වග බලා ගත්තේ පන්දුව පා ඉන්න ප්‍රදේශයට පිටින් පතිත වූයේ ද යන්න සැකය හේතුවෙනි. එය එලෙසින්ම පා ඉන්නට පිටතින් පතිතවූ අයුරු පැහැදිළිවම දැකගත හැකි විය. යම් ලෙසකින් ධර්මසේන මහතාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාවක් අහිමිව යනු ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය සුපරුදු ඉලක්කයට ඉක්මනින් අනුගත වෙමින් පන්දු යවනු දැක ගත හැකි වුවත් රමේෂ් මෙන්ඩිස්ගෙන් එවන්නක් දැක ගත නොහැකි විය. දිවා භෝජනය තෙක් යවන ලද පන්දුවාර 8 දී කුණු 33 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පීටර් මුවර් දැවී නොගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් මහතා සදහන් කර සිටියත් එය ‌තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වදින පන්දුවක් ලෙසින් දිස්විය. එබැවින් මුවර් ලකුණු 05 කට දැවී ගියේය.

අසිත හරුණු කොට අද තරගයට ක්‍රීඩා කරන විශ්වට කඩුලු දවා ගැනීමට අවස්ථාව නොමැති වුවත් ඉතාම හොඳින් පන්දු ය වන ආකාරය දැක ගත හැකි විය. නිවැරදි ස්ථානයට පතිත කිරීම මෙන්ම පන්දුවේ දෝලනයද ඉතා හොඳින් දැක ගත හැකි වූ නමුත් එම සෑම අවස්ථාවකදීම විශ්වට වඩා අයර්ලන්ත පිතිකරුවෝ වාසනාවන්ත වූහ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee