slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2023
ලොකු දුරක් යන්න තියෙනවා – ප්‍රභාත් ජයසූරිය

sinhala editor

තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමා තවමත් ආධුනිකයකු වන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, තරගයකට සහභාගිවීමෙන් අනතුරුව තමන් නිතරම අවධාන යොමු කර සිටින්නේ ඊළඟ තරගයට හෝ තරගාවලියේදි සිදුකල යුත්තේ මොනවද යන්න පිළිබඳව බව සඳහන් කර සිටියේය.

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රභාත් ජයසූරිය ඉනිම දෙකේදීම කඩුලු 10 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත ජයග්‍රහණය සදහා පාර කැපීය. මෙය වරස 42 කට ආසන්න මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දැවැන්ත ටෙස්ට් ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. එම දක්ෂතාවය ප්‍රධාන කොට ඔහුට මෙම තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුටරත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා, “මම තවම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තා විතරයි. තාම තරග 6 යි ක්‍රීඩා කරලා තියෙන්නේ. මට තව ලොකු දුරක් යන්න තියෙනවා. මම හැම තිස්සේම හිතන්නේ මගේ අනාගතය ගැන. මොනවද මම ඉසරසහට කරන්නේ මොනවද මම මගේ වර්ධනය කරගන්න ඕන කියන එක. ඒ වගේම මගේ ශාරීරික යෝග්‍යතා මට්ටම ගැනත් මම අවධානය යොමු කර සිටිනවා. ඒ වගේම මම පුහුණුවීම් වලදී පන්දු යවන කොට ඒ ඒ තත්ත්වන් යටතේ කොහොමද, පන්දු යැවිය යුත්තේ, දුර, පතිත කිරීම මෙන්ම දඟ කැවීම ගැන මම ගොඩක් අවධානය යොමු කර සිටිනවා. ඒවා තමයි ගොඩක් වෙලාවට ෆෝකස් කරන්නේ” යැයි ප්‍රභාත් සදහන් කර සිටියේය.

එම මාධ්‍ය හමුවේදී ජයසූරිය දක්වන ලද අදහස් පහත පරිදි වේ.

පන්දුවේ පාලනය තබා ගැනිම

ගොඩක් වෙලාවට පුහුණුවීම් වලදී තමයි ඒ දේවල් ගැන අවධානයයොමු කරන්නේ. වගේම මම ඔලුවේ හැම තිස්සේම තියාගන්නේ කරන්න ඕන මොනවද කියන දේවල් විතරයි. විශේෂයෙන්ම මොන වගේ දේවල්ද අපි තරගයකදී කරන්න ඕන. මොනවද අපේ අඩුපාඩු, ඒ වගේ දේවල් ඉක්මනින් හදා ගන්න ඕන එහෙම වුණාම හරිම ලේසියි තමන්ගේ සුපුරුදු රිද්මයට එන්න. මං හිතන්නේ තමන් තමන් ගැන දැන ගෙන ඉන්න ඔන හැම තිස්සේම. තමන්ගෙන් මොකක් හරි අඩුපාඩුවක් වුණාම ඒක කොහොමද හදාගෙන ඉස්සරහට යන්නේ කියන එක ගැන නිතරම ඔලුවේ තියෙන්න ඕන.

ගාල්ල තණතීරුව

මම ඇත්තටම ට්‍රයි කරන්නේ මගේ බේසික් දේවල් කරන්න. අපි හැම තිස්සේම කතා රනවා බේසික් ටික කරන්න. මං හිතන්නේ ලෝකෙ ඕනෑම  කන්ඩිෂන් එකකට හරියන විදියට පන්දු යවන්න පුලුවන්. පුහුණුවීම් වලදී මොනව කරත් තරගයකදී ගොඩක් දේවල් උත්ාහ කරන්න ඕන නෑ. ගාල්ලේදී ගොඩක් වේලාවට හුළඟෙන් අපිට ගොඩක් ලොකු සපෝර්ට් එකක් හම්බ වෙනවා. හැම තිස්සේම ඒක යූස් කරන්නෙ කොහොමද කියලා දැනගෙන ඒක හරි විදියට යූස් කරන එක තමයි කරන්න ඕන.

නව පන්දුවෙන් පන්දු යැවීම

ඇත්තටම බෝලිං යුනිට් එකක් විදියට හැම තිස්සේම කතා කරන දෙයක් තමයි ගහන බෝලර්ස්ලා ටික එක එක්කෙනාට උදව් කරගන්න එක ගැන. මොකද මැච් එක යන වෙලාවෙදි එක එක්කෙනාගේ කාර්යයන් වෙනස් වෙන්න පුලුවන්. මම විකට් ගන්නේ නැතුව සමහර විට ඩොට් බෝල් දාලා පිතිකරුවාව පීඩනයට ලක් කරන්න පුලුවන්. එහෙම වුණාම අනිත් පැත්තෙන් කඩුලු එන්න පුලුවන් සම්භාවිතාව වැඩියි. ඒ වගේ තරගය යන අතරතුරදී තම තමන්ගේ ජොබ් එක බෝලර්ස්ලාගේ ගොඩක් වෙලාටව වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේ තරගයේදී මම හිතන්නේ අපි ඔක්කොමලා බෝලිං යුනිට් එකක් විදියට හොඳටම මේ තරගයේදි කළා.

රමේෂ්ගේ සහාය….

ඇත්තටම දිමුත් අයියා (කරුනාරත්න) අපිට හැම තිස්සෙම කියන්නේ මූලික සිද්ධාන්ත එක්ක (බේසික්), කටයුතු කරන්න කියලා. එහෙම කරලා බැට්සමන්ට ප්‍රෙෂර් එක දෙනකොට ගොඩක් වෙලාවට දෙන්නාගෙන් කාට හරි විකට් එකක් ගන්න පූලුවන් චාන්ස් එක වැඩියි. ඒක නිසා මම හිතනවා ඒක හොදටම මේ තරගයේදී වුණා. රමේෂ් කොහොමත් මට ලොකු සපෝර්ට් එකක් දෙනවා. මගේ අතින් මොකක් හරි අඩුපාඩවුක වෙන්වා නම් එයා මට කියනවා. එයාගෙත් මොනවා හරි තියෙනවා මම කියනවා. ඒ වගේ සහෝයගේයන් තමයි අපි ක්‍රීඩා කරන්නේ.

නවසීලන් තතරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම

නවසීලන්තයට ගිය මගේ පළමු අවස්ථාව තමයි ඒ තරගාවලිය. ඇත්තටම ලොකු අත්දැකීමක් ලබා ගත්තා. මොකද මට කඩුලු 4 ක් වගේ තමයි ලබාගන්න පුලුවන් වුණේ තරග දෙකේදීම. අපි දන්නවා ගොඩක් වෙලාවට ඒ කන්ඩිෂන්ස් වලට ගියපුවහම වේ පන්දු යවන්නන්ට තමයි ගොඩක් වාසිය තියෙන්නේ. ඉතිං ලේසි නෑ ඒවල ක්‍රීඩා කරන එක. හැබැයි එහෙමයි කියලා ඒක නිදහසට කරුණක් නොවෙයි. අපි හැම තිස්සේම ක්‍රීඩකයෙක් විදියට මොන කන්ඩිෂන්ස් වල ගියත් අපි හරි දේවල් කරලා කණ්ඩායම ජයග්‍රහණය කරන්න තමයි ක්‍රීඩා කරන්න ඕන.

 

 

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest