slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කිට්ටු කරයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයවූ අද (28 දා) දිවා භෝජනය සදහා ක්‍රීඩාව තර කර දමනා විට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියැළී සිටින අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 121 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වී සිටියහ. ලකුණු 212 ක් පසුපසින් සිට ඉනිමක පරාජයේ සටන ආරම්භ කළ අයර්ලන්ත කණ්ඩායම, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට නම් තවත් ලකුණු 91 කට වැඩියෙන් ලබා ගත යුතුය.

වෙනදා මෙන් නොව ගාලු තණතීරුව පස්වැනි දිනයටත් පිතිකරුවන්ට යෝග්‍ය විය. වෙනදා මෙන් එහි තියුණු ලෙස පන්දුව දඟ කැවීම දැක ගත නොහැකි නිසා නායක දිමුත්ගේ තීරණය වූයේ එක් අන්තයකින් වේග පන්දු ය වන්නකු කැඳවීමය. එහි වගකීම භාර දුන් අසිත ප්‍රනාන්දු නායකයාගේ වගකීම අකුරටම ඉටු කරමින් අයර්ලන්ත පිතිකරුවන්ව තැති ගැන්මකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනිණ.

වේගය මුසු බවුන්සර් පන්දු මෙන්ම යෝකර් පන්දු වලින් ගහණ වූ අසිතගේ එක් පන්දුවක් නායක බැල්බර්නිගේ හිස් ආවරණයේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා පිලට තරගයේ වාසිය දෝලනය වූයේ ඉන් අනතුරුවය.

බැල්බර්නිගේ තාවකාලික නික්ම යෑමත් සමග පිටියට පිවිසි පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පෝල් ස්ටර්ලිංග්ට පිටියේ රැදී සිටීමට අවස්ථාව අදාවූයේ පන්දු 5 ට පමණි. ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ස්ටර්ලිංග්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මෙම කඩුල්ල දවා ගැනීමට මත්වීමත් සමඟ ලොව වේගයෙන්ම කඩුලු 50 පසුකර ගිය දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සියතට ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිණ. සිය 7 වැනි ටෙස්ට් තරගයේදී ප්‍රභාත් එම දක්ෂතාව දක්වද්දී ඊට වසර 71 කට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ඇල්ෆ් වැලන්ටයින් එම වාර්තාවේ පැරැණි හිමිකරු වූවේය. වමතින්ම දඟ පන්දු යැවූ වැලන්ටයින් එම කඩුලු 50 බිද දැමීම සදහා තරග 8 කට ක්‍රීඩා කර තිබිණ. මෙහි සමස්ථ වාර්තාව ජයසුරියට සංසන්දනය කරන කල්හි ඔහු එහි දෙවැනි තැන සිට ගනියි. ජයසූරියට ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කරන ලද වේග  පන්දු යවන්නකු වන චාලි ටර්නර් කඩුලු 50 දවා ගෙන ඇත්තේ ටෙස්ට් තරග 6 කට සහභාගිවෙමිනි.

අනතුරුව ලෝකන් ටකර් (13) සහ කර්ටිස් කැම්පර් (12) ඉනිම ගොඩ නැගීමේ කාර්යයක නිරත දිවා භෝජනයට පෙරම ඔවුන් දැවී යෑම නිසා පිටියෙන් ඉවතට ගිය නායක ඇන්ඩි බැල්බර්නි නැවතත් පිටියට පැමිණීමට සිදුවිය. තරගය නිමා වූයේ බැල්බර්නිගේ නමට ලකුණු 29 කුත් හැරී ටෙක්ටර්ගේ නම ලකුණු 35 කුත් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee