slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2023
අයර්ලන්තය ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වූ අද (27 දා) දිනයද තමන්ගේ දිනයක් බවට පත් කරගත් නිශාන් මදුශ්ක (205) සහ කුසල් මෙන්ඩිස් (245) එක්ව  ද්විත්ව ශතකත් ඇන්ජලෝ මැතිව්ස් ශතකයකුත් (නොදැවී 100) වාර්තා කිරීමට සමත්වීම නිසා අයර්ලන්තයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 212 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කඩුලු 3 කදී ලකුණු 704 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැගූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා නැවතත් අයර්ලන්ත පිලට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දී තිබුණේ හැකි නම් තරගයේ තවත් ඉතිරිව ඇති පන්දුවාර 120 දී (අද දිනයේ ඉතිරිව තිබු පන්දුවාර 22 ත් හෙට දිනයේ යැවීමට නියමිත පන්දුවාර 98 ත්) සිය කඩුලු ආරක්ෂා කර ගන්නා ලෙසයි.

එම අභියෝගය කර පින්නාගෙන දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත පිලේ කඩුලු 2 ක් ලකුණ 52 ක් ඇතුළත දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය සමත්වූහ. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී වර්ෂාවෙන් බාධා නොපැමිණියහොත් ඉනිමක පරාජයෙන් බේරීමට තවත් කඩුල් 8 ක් ඇතුළතදී ලකණු 158 ක් රැස් කරගත යුතු වේ.

බොහෝ දෙනාගේ අවධානය යොමුවූ කාරණයක් වූයේ පෙර දිනයේදී තම මංගල ශතකය වාර්තා කරගත් නිශාන් මදුෂ්ක අද දිනයේදී එය ද්විත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගැනීමට සමත්වීමයි. මැතිව් හම්ප්‍රේස්ට එල්ල කරන ලද ස්‌ක්‍යෙයාර් කට් පහරකින් හතරේ සීමාවට පන්දුව යැවූ මදුෂ්ක එම ද්විත්ව ශතකය සනිටුහන් කර ගත්තේය. මිනිත්තු 474 ක් පුරා කඩුල්ලේ රැදී සිටි මදුෂ්ක මුහුණ දුන් පන්දු 339 න් එක් වතාවක් හතරේ සීමාවට ඉහළින්ද 22 වතාවක් හතරේ සීමාවෙන් ඔබ්බටද පන්දුව යැවීමට සලස්වා තිබිණ.

මදුෂ්කට නොදෙවැනි වූ කුසල් මෙන්ඩිස් සිය 58 වැනි ටෙස්ට් තරගයේදී පළමු ද්විත්ව ශතකය රැස් කළේය. දිවා ආහාරයෙන් පසු 9 වැනි හයේ පහර එල්ල කළ කුසල් මෙන්ඩිස් මෙතෙක් කලක් ටෙස්ට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (8) එල්ල කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ කුමාර් සංගක්කාරගේ වාර්තාව තම සින්නක්කරයට ගත්තේය. 291 වැනි පන්දුවේදී කුසල් දැවී යන විටත් ටෙස්ට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ සිටියේය. හයේ පහර 12 ක් එල්ල කර ඇති වසීම් අක්‍රම් එම ලැයිස්තුවේ ඉහළින් සිටිද්දී කුසල් පහර 11 ක් එල්ල කරමින් දෙවැනි ස්ථානයට පත්ව සිටියි. මැතිව් හම්ප්‍රිස්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ කුසල් දැවී නොවන්නට අක්‍රම්ගේ ලෝක වාර්තාව සම කිරීමට හෝ නැතිනම් බිද දැමීමට ඔහුට හැකියාව තිබෙන්නට තිබිණ. හයේ පහර 11 ට අමතරව කුසල් හතරේ පහර 17 කින්ද තම ඉනිම වර්ණවත් කර ගත්තේය.

අයර්ලන්ත ඉලක්කය පසුකිරීමත් සමග ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. ඒ සදහා වන හොදම සාක්ෂිය වූයේ දිවා ආහාරයත් තේ පානයත් අතර කාල සීමාවේදී යවන ලද පන්දු 135 කදී ලකුණු 160 ක් ලබා ගැනීමට පිතිකරුවන් සමත්වීමයි. එහිදී සිය 15 වැනි ටෙස්ට් ශතකය අද දිනයේදී පන්දු 114 කදී මැතිව්ස් සපුරා ගත්තේ මෙතෙක් තම දිවියේ වේගවත්ම ශතකය බවටද මෙය පත් කර ගනිමිනි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar