slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2023
අයර්ලන්ත පිලේ අත්දැකීම් අඩුබව අපිට වාසියක් වුණා – දිමුත් කරුණාරත්න

sinhala editor

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්‍රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ.

මෙම තරගයේදී දිමුත් ඇතුලු ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින් පළමු ඉනිම සඳහා නකඩුලු 6 කට ලකුනු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280 ක ජයක් අත්කර ගත්තේය.

“අයර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීම අවතක්සේරු කරන්න බෑ. එයාලා හොඳට පන්දු යැව්වා. හැබැයි එයාලා කරපු එකම අවුල තමයි එයාලට ටෙස්ට් ක්‍රිකට් ගොඩක් ක්‍රීඩා කරලා නැති එක. එයාලට හරියට පන්දු රකින්නන් යෙදවීම, පන්දුව පතිත කළ යුතු සීමාවන්, ගැන එයාලට අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඔයාලට ගොඩක්ම සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රීඩාවට යොමු වෙලා තියෙන නිසා ඒ පන්දු රකිනන් යොදවන විදිය තමයි මේ තරගයකටත් යෙදෙව්වේ. මං හිතන්නේ ඒක තමයි අපිට පොඩ්ඩක් ලේසි වුණේ. ඒකත් එක්ක එක් ලකුණ බැගින් ගන්න ඒවා ලේසියෙන් ගන්න පුලුවන් වුණා. නමුත් මං හිතන්නේ ඒ නිසා තමයි අපිට මේ තරගය දින 3 ක් වැනි කාලයක් ඇතුළතදී ජයග්‍රහණය කරන්න පුලුවන් වුණේ” යැයි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් සඳහන් කර සිටියේය.

ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙන අවස්ථාවන්හි දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමේ ප්‍රව ප්‍රවණතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කරගැනීමට තමා අපේක්ෂාවෙන් පසුවනද ශ්‍රී ලංකා නායකයා මෙහිදී සදහන් කර සිටියේය.

“මේ ටෙස්ට් තරගයේ මුල් ඉනීමේ දී අපි පන්දුවට පහරදෙන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙද්දී මං ඔහුට කිව්වේ ඉක්මන් වැඩි වන අවස්ථා හෝ ඉවසීම බිඳ වැටෙනවා වගේ දැක්කොත් මට කියන්න කියලා. ඉතිං ඒ නිසා නිතරම අපි දෙන්නා ඒ ගන කතා කළා. ඒක නිසා තමයි අපිට දෙවැනි කඩුල්ලට දීර්ඝ ලකුනු සංඛ්‍යාවක්ට යන්න පුලුවන් වුණේ’ යැයිද දිමුත් සඳහන් කර සිටියේය.

ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ඔස්‌ට්‍රේලියා සහ පාකිස්තාන තරගාවලියේ මෙන්ම නවසීලන්ත තරගාවලියන්හිදී තමා අර්ධ ශතක ලබා ලකුණු අතරට පිවිසියත් ඒවා විශාල ලකුණු බවට පත්කර ගැනීමට අවස්ථාව උදා නොවූ බව කී දිමුත් කරුණාරත්න මේ සංචාරය ආරම්භයේ දී දිගු ඉනිම සිතෙහි තබාගෙන ක්‍රීඩා කළ බව සඳහන් කර සිටියේය.

දිමුත් මෙම තරගයේදී පන්දු 235 කට මුහුණ දී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත්වූයේ හතරේ පහර 15 ක්ද තම ඉනිමට ඇතුළත් කරමිනි.

එහෙත් කඩුල්ලේ රැදී සිටීම සඳහා වූ අධිෂ්ඨානය තමන් අතින් ගිලිහී යෑම නිසා ද්විත්ව ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාවද ගිලිහී ගිය බව දිමුත් සඳහන් කර සිටියේය.

ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන්ගෙන් තමා නිතර ඉල්ලා සිටියේ මූලික සිද්ධාන්තයන්ට ගරු කරමින් නියමිත ස්ථානයන්හි පන්දු පතිත කරන ලෙස බව කී දිමුත් කරුණාරත්න ඔවුන් එම වගකීම අකුරටම ඉටු කළ බවද සදහන් කර සිටියේය. මේ අතර කඩුලු රකින්නා ලෙස තරග වැදි සදීර සමරවික්‍රම පිතිහරඹයට අමතරව කඩුල්ල පිටු පස සිට ඉතා විශිෂ්ඨ මෙහෙවරක් නිරත වූ බව සඳහන් කළ දිමුත් ඒ පිළිබඳව තමා සතුටු වන බවද සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee