slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2023
දිමුත් සහ නිශාන්ගෙන් වාර්තාගත සම්බන්ධතාවක්

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

අයර්ලන්තය ලබා දුන් ලකුණු 492 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිශාන් මදුශ්ක සහ දිමුත් කරුණාරත්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙතෙක් පිතිකරුවන් යුගලක් පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද හොදම සම්බන්ධතාව ගොඩ නගමින් නව වාර්තාවක් පිහිටුවීමට අද (26 දා) සමත්විය. ‌ලකුණු 228ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිසා තෙවැනි දින දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා සිටියේය. මෙම විහිස්ඨ සම්බන්ධතාව නිසා අයර්ලන්ත පිලට වඩා ශ්‍රී ලංකා පිල තවත් කඩුලු 9 ක් අතැතිව ලකුණ 264 ක් පිටුපසින් වෙයි.

කර්ටිස් කැම්පර්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර වැරදී යෑම නිසා දිවා භෝජනය සදහා තරගය තර කිරීමට පන්දු 2 කට පෙර දිමුත් කරුනාරත්න දැවී ගියේය. ඒ සමඟම පළමු කඩුල්ලේ ලකුණු 228 ක වාර්තාගත සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 133 කට මුහුණ දුන් නායකයා දැවි යන විට ලකුණු 115 ක් ලබා සිටියේය. මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ සටහන් වුණු පස්වැනි ද්විත්ව ශතක සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය.

මෙම ශතකය දිමුත්ගේ ටෙස්ට් තරග දිවියේ 16 වැනි ශතකය ලෙසින් සටහන් විය. ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් 6 වැන්න ලෙසින් සටහන් වුණු මෙම ශතකය ඔහුගේ තරග දිවියේ වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසින්ද සටහන් විය. මීට පෙර දිමුත් ලබා ගත් ශතක අතර 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පන්දු 123 කදී වාර්තා කරන ලද ශතකය වේගවත්ම ශතකය ලෙසින් සටහන් ව තිබුණේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 194 ඉක්මවාලීමත් නිශාන් සහ දිමුත් දෙදෙනා විසින් බිද හෙළන ලද්දේ වසර 2000 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය දෙදෙනා විසින් රැස් කරන ලද ලකුනු 193 ක සම්බනධතාවයයි. එම ටෙස්ට් තරගය ලෝක පූජිත පිතිකරු කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගය ලෙසින් සටහන් විය.

දිනය ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වුණු ආරම්භක පිතිකරුවන් දල ලකුණු වේගය ලකුණු 5 කට ආසන්නයේ රඳවා ගැනීමට සමත්විය. එය ඇතැම් විටෙක වර්තමාන ටෙස්ට් තරග රටාවේ පෙරැලිකාර සලකුණක් ලෙසින් සැලකෙන ‘බස්බෝල්’ පිතිකරණ රටාව සිහි ගන්වන්නක් වුවේය.

අයර්ලන්ත ඉනිමේ එකම පන්දුවාරය යැවූ හැරී ටෙක්ටර් හමුවේ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමග නිශාන් මදුශ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. එම හයේ පහරද සමග ලකුණු 11 ක් උදුරා ගත් මදුශ්ක මුහුණ දුන් 159 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කළේය. එම ඉනිමට මනරම් අන්දමින් එල්ල කරන ලද හතරේ පහර 14 ක්ද විය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee